CRIWMP

Blog, News

දොඩම් වගාවෙන් විශ්‍රාම වැටුපක්

ඩබ්. එම්. ආර්. කිරා මහතා.  රඹකනයාගම. නවගත්තේගම. පුත්තලම

“මම නවගත්තේගම සමුපකාර ඉන්ධන පිරවුම්හලේ රාත්‍රි ආරක්ෂාව බාරව වැඩකලේ. පසුගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගියා. ඒ දවස් වල මට පොඩි බයක් තිබුනා මගේ ආදායම සම්බන්ධව. මගේ ආදායම නැති වෙලා මම අසරණ වෙයි කියල . අද මට එහෙම බයක් නැහැ. මම පළමු අස්වැනෙන් රුපියල් පනස් දාහක් හොයාගත්තා . හැම ගහක්ම 100%ක් ඵල හටගත්තේ නෑ. අස්වැන්න ලැබුනේ ගස් වලින් 50%ක පමණ.  මට විස්වාසයි ලබන අවුරුද්දේ කන්න දෙකක්කදි රැපියල් ලක්ෂ දෙක තුනක් හොයාගන්න පුළුවන් වෙයි කියල. මොකද මම මගේ ගෙවත්තේ අක්කර ½ක පැල  200ක්ම හිටවල තියෙනවා.”

“මේ වැස්සට දැන් ආයෙත් මල් පිපිලා.”

“වියලි කාලයේ ගල්ලෑව වැව හිදුනම වැව හරහා ඇවිත් වන අලි ගම් වදිනවා. මගේ ගෙවත්ත තියෙන්නේ වැව් කටේ. ඒ දවස්වල එක රැයකින් මගේ කෙසෙල් පොල් වගාව අලිය විනාශ කරල දානව. දැන්මට ඉස්සර වගේ වගාව පරිස්සම් කරන්න කියල මහන්සි වෙන්න දේකුත් නෑ. මොකද අලිය දෙහි දොඩම් පැගිරි ශාක වලට කැමති නෑ.”

වාර්තා සටහන 

හේමන්ත අබේවර්ධන සම්බන්ධිකාරක (CSA) වැව්ගම් පුබුදුව – SAPSRI