නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු
මිනිස් සමාජය තුළ මුදලින් මැනිය නොහැකි තරම් උපරිම වටිනාකමක් දරුවෙකුට ලැබී ඇත. ළමයෙකුට මෙතරම් වටිනාකමක් ලැබී ඇත්තේ දරුවා තවත් එක් මිනිස් පරම්පරාවක ආරම්භය වන නිසාය.දරුවන් යනු මැටි ගුලියකි.මැටි ගුලියකට අලංකාර කැටයම් ඔබ්බවා ගත් විට එය සුන්දර නිර්මාණයක් බවට පත් වනු ඇත.කුඩා දරුවන් හට ද ගුණයහපත්කම් මෙන්ම ලැබෙන බාහිර සාධක මත යහපත් පුරවැසියෙකු වීමේ අඩිතාලම වැටෙයි.දෙමව්පියන්ගෙන් පසු ඔවුන් ජීවිතයේ පළමු සමාජ ඇසුර ලබන්නේ පාසල තුළ දී ය.ඔවුන් හට නිසි අධ්‍යාපනයක් මෙන් ම සෞඛ්යාරක්ෂිත වටපිටාවක් සැකසීම කාගෙත් යුතුකමකි.සෞඛ්‍ය සම්පන්න බව ගතහොත් බොහෝ පාසල්හි පානීය ජල ගැටළුව දක්නට ලැබේ.වියළි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හොරොව්පොතාන ග්‍රාමය ද යනු පානීය ජලය නොමැතිව නිතර පිඩාවන්ට ලක්වන ප්‍රජාවන් සහ දරුවන් වෙසෙන පෙදෙසකි.පානයට සුදුසු නැති ජල පරිහරණය නිසා වකුගඩු වැනි නොයෙකුත් සෞඛ්‍ය ගැටලු දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ, ඔවුන්ගේ කර්කශ වූ ජන ජීවිතය තව තවත් පහළට ඇද දමමිනි.පානයට සුදුසු වන ජලය සපයා ගැනීමට නොහැකි වීම ළමා, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේම සෞඛ්‍යයට දැඩි තර්ජනයකි.කුඩා දරුවන් යනු රටට සම්පතකි, ඔවුන් රටේ අනාගතයයි, රටේ ජීවනාලිය බඳු දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව අරක්ෂා කිරීම අපගේ පරම යුතුකමක් සේම වගකීමක්ද වේ.වියළි කලාපයේ පාසල් දරුවන්ට පිරිසිදු ජලය ලබා ගැනිම දුෂ්කර ය. එම නිසාවෙනි නොයෙකුත් සෙෘඛ්‍ය ගැටළුවලට මුහුණ පාන්නට සිදු ව ඇත.ජලයෙහි ඇති මලකඩ නිසා මෙම ජලය පානය කිරිමෙන් දත් වල මැලියම් බැදී ඇත.එමෙන් ම බොහෝ දරුවන්ගේ දෙමාපියන් වකුගඩු රෝගීන් ය. ඒ තත්ව හමුවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පවා කතර වී ඇත.අප ව්‍යාපෘතිය වන හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් පානීය ජල ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි.අපගේ අරමුණ වන්නේ පීඩා විදින ඔවුන්ගේ ජල පිපාසය සංසිදුවාලීම ය.එසේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය කිහිපයක් අතුරින්, සාර්ථක මට්ටමට පත් වූ එක් අවස්ථාවක් ලෙස මෙම පීඩා විදින දරුවන් අධ්‍යාපනය ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන කඳුගොල්ලෑව ඉහළ දිවුල්වැව විද්‍යාලය උග්‍ර ලෙස පානීය ජල ගැටලුවට මුහුණ දෙන ප්‍රාථමික විදුහලකි.පුංචි දරුවන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දිම වස් අප ව්‍යාපෘතිය විසින් ජල පෙරහන් පද්ධතියක් මෙම පාසලට ලබා දීමට කටයුතු කරන ලදී. ජල පෙරහන් පද්ධතිය ලබා දිම නිසා පුංචි පැටවුන් හට පිරිසිදු ජල පොදක් ලබා දිමට අපට හැකියාව ලැබීම මේ නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු වලට මහත් අස්වැසිල්ලකි. Related Content
ජීවිතයට සිසිලසක්
ජීවයේ පැවැත්ම සඳහා මෙන් ම මිනිසාගේ විවිධාකාර වු අවශ්‍යතා සපුරා ගැනීමට ජලය අත්‍යවශ්‍යය. විද්‍යාඥයන් පවසන පරිදි පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක් පිරී ඇත්තේ ජලයෙනි.ඉන් වැඩි ප්‍රතිශතයක් පවතින්නේ සාගර ජලයයි.අද වන විට මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට තරම්වත් පිරිසිදු ජලය සොයා ගැනීම අසීරු කාර්යයක් විි ඇත.ලංකාවේ වියළි කලාපය ගත් විට පානීය ජල ගැටළුව උත්සන්න වි ඇත.මන්නාරම් දිස්ත්‍රික්කය යනු පානීය ජලය සපයා ගැනීමට ඉතාමත් අපහසු ප්රදේශයකි.එයට හේතුව පානීය ජල මුලාශ්‍ර නොමැතිවීම හා තිබෙන මූලාශ්‍ර වල භූ විෂමතා ලක්ෂන හා දේශගුණික හේතුන් මත ජලය බොහෝවිට බීමට සුදුසු තත්වයේ නොමැති වීමයි.උග්‍ර පානීට ජල හිඟය නිසාවෙන් සහ පිරිසිදු ජලය සොයා ගත නොහැකි නිසාවෙන් මන්නාරමේ ජිවත් වන බොහෝ මිනිසුන් වකුගඩු රෝගීන් බවට පත් වී හමාරය.ඇතැම් පවුල් වල එක් සාමාජිකයෙකු හැරෙන්නට සෙසු සාමාජිකයන් සියල්ලම පාහේ මෙම රෝගයේ ගොදුරක් බවට පත් වී ඇත.මෙවැනි තත්වයක් හමුවේ හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය වියළි කලාප කාන්තාවන් සවි බලගැන්වීම යටතේ වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කරමින් තිබෙන ව්‍යාපෘතියකි.ඒ අතරින් මන්නාරම් දිස්ත්‍රික්කයේ තෝරාගත් එල්ලංගා පද්ධති තුළ පානිය ජල ගැටළුව සහ අවදානම් කණ්ඩායම් සහිත ගෘහයන් ඉලක්ක කරගනිම්න් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාන්විතයේදී කාන්තා මූලික ගෘහයන් හා වකුගඩු රෝගය හෝ අබාධිත පුද්ගලයන් සහිත ගෘහයන් මූලික කරගමින් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතා ව සපුරාලීමට අවශ්‍ය කටයුතු සිදු කරයි.මන්නාරමි දිස්ත්‍රික්කයේ පෙරියපණ්ඩිවිරිච්න් ග්‍රාමයේ ඩිලේස් කිල්ඩා මහත්මිය ප්රතිලාභීයෙකු ලෙස තෝරා ගනිමින් පානීය ජල ගැටළුවට විසදුම් ලෙස අවශ්‍ය ජල ටැංකියක් හා අවශ්‍ය පුහුණුව හා දැනුම ලබා දීම සිදු කෙරිණි.මෙහි දී ඔවුන්ගේ පානීය ජල ගැටලුව නිරාකරණය කර දීමත් මෙන් ම ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත සහෝදරයාගේ ජීවිකාව ගෙනයාමට නිසි ආදායම් මාර්ගයක් සකසා දීම සඳහා ඇයට ගෙවතු වගා ක්‍රමය හදුන්වා දී පළතුරු පැල වර්ග ලබා දී අවශ්‍ය මනා පුහුණුවක්, තාක්ෂණික දැනුම සහ උපකරණ ලබා දීමත් මඟින් ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතාවය මෙන් ම ආර්ථික මට්ටමද ස්ථාවරත්වයකට ගොඩ නංවාලීම මඟින් වියළී ගොස් තිබුණු ඔවුන්ගේ ජීවිතවලට සිසිලක් ගෙන දීමට අපය හැකියාව ලැබිණි. Related Content
සුවඳ කැකුළු මල්…….රැක ගමු හැම කල්…
රටේ අනාගත දරුපරපුර නිරෝගිමත් පිරිසක් වනු දැකීම අප කාගේත් සිහිනයයි.මක්නිසාද යත් අනාගත ලෝකයේ අයිතිකරුවන් වන්නේ ඔවුන් ය.වර්තමානය වන විට සෞඛ්‍ය ගැටළු නිසාවෙන් දරුණු රෝගයන් ට ගොදුරු වන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ ය.පිරිසිදු ජලය භාවිත නොකිරීම එ අතුරින් ඉදිරියෙන් ඇති ගැටළුවකි.සාමාන්‍ය පුද්ගලයෙකු දෛනිකව පානය කළ යුතු ජල ලීටර ප්‍රමාණය ලිටර 6ක්වත් විය යුතුයැයි පිළිගැනීමයි. එය පුද්ගලයාගේ ශරීරයේ බර අනුව වෙනස් විය හැකිය. ගැටලුව නම් ශරීරයට අවශ්‍ය මෙම ජල අවශ්‍යතාවය සැමට සුදුසු ආකාරයෙන් ලැබෙනවාද යන්නයි. මෙම ගැටලුවට හුදෙක්ම මුහුණ දෙන්නේ වියළි කලාපය තුළ වෙසෙන්නන්ය.ජලය සපයා ගැනීමට අවශ්‍ය ජල මූලාශ නොමැති වීමත් නිසාවෙන් පිරිසිදු ජල භාවිතය අවම වීමේ හේතුව නිසාම ඔවුන් දරුණු ලෙස වකුගඩු ආදී රෝගවලින් නිතර පිඩා විඳිනු ලබති. මෙම වකුගඩු රෝගී තත්වයන්ට කුඩා දරුවන් ද ගොදුරු වෙමින් පවතින මෙවන් වකවානුවක් තුළ ඔවුන් එම තත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් හැකි ආකාරයට , ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් කටයුතු කරනු ලැබ ඇත.ඒ අතුරින් පානීය ජල අවශ්‍යතාවය නිසි අයුරුන් සළසා ගත නොහැකි පාසල් තෝරා ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීම සිදු කරයි.එහි එක් පියවරක් ලෙස වියළි කලාපයේ වව්නියාව දිස්ත්‍රික්කයේ ධර්මපාල විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළ අතර එමඟින් එම පාසලේ අධ්‍යාපනය ලබන දුවා දරුවන් ට දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අත්වැලක් සැපයීමට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය අපට හැකියාව ලැබිණි. Related Content
දිරිය ගැහැණුන් සොයා…
කාන්තාව සමාජයේ විවිධ භූමිකාවන්හි කටයුතු කරයි.ගැහැණිය සතුව පවතින දරා ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මකව මෙන්ම ඇය වෙත පැවරී ඇති මෙම කාර්යයභාරය අනුව ද ඇය පිරිමියාට වඩා ඉදිරියෙන් සිටී. සංස්කෘතිය හා සමාජ රාමුවට කොටු වී සිට සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගොස් වර්තමාන වන විට කාන්තාව පිරිමින් සමඟ උරෙනුර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයන පිරිසක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.සමාජයම ය පෞරුෂය නියෝජනය පැත්තෙන් කිසිදු සාධාරණ ඉඩකඩක් කාන්තාවට නොලැබුණ ද ඇය ඇඟේ කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන අතරම විවිධ සමාජ තලයන් හි විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් තම පවුලේ අනාගත දියුණුව උන්නතිය උදෙසා මෙන්ම පොදුවේ රටේ සංවර්ධනය කාර්යය උදෙසා ලබා දෙන ශ්‍රම දායකත්වය සුළුපටු නොවේ.රැකියා අවස්ථා නිර්මාණයේදී ද, විශ්ව විද්‍යාල අධ්‍යාපනය,රෝහලක් ගතහොත් වෛද්‍ය ක්ෂේත්රය, ගුරු වෘත්තිය, ඇඟලුම් ක්ෂේත්රය වැනි ක්ෂේත්රයන් හි වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවයි.එසේත් නොමැති නම් රටක නිෂ්පාදන කාර්යයේදී කාන්තා නියෝජනය ඉතාමත් ඉහළ ය. මෑත කාලය ගත් විට දේශගුණික විපර්යාසයන් නිසා ලාංකීය කෘෂිකර්මාන්තය උග්‍ර ගැටළු රැසකට මුහුණ දෙන අතර එය රටේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම ආහාර අවශ්‍යතාවයට ද බලපෑම් කරයි.වියළි කලාපයේ කාන්තාව දේශගුණික විපර්යාසයන් නිසා දැඩි ලෙස පීඩා විදියි.වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ සිදී යාම නිසාවෙන් තම වගාවන් සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම පවා ඔවුන්ට අසීරු ක්‍රියාවකි. වන්නි යන වචනය ඇසු පමණින්ම සිහියට නැගෙන්නේ ඉතාමත් කර්කෂක වියළි පාරිසරික තත්වයකි. නමුත් සැබෑ ලෙසම ඓතිහාසික කරුණු විමසු විට වන්නි හත්පත්තුව අතීත රාජධානියේ හඳුන්වා ඇත්තේ මලින් පිරි, ඵලින් බර, බත බුලතින් සපිරි වර්ණවත්ව පැවතුණු ප්‍රදේශයක් බවටයි. නමුත් දශක ගණනාවක සිට මෙම ඉඩම් විවිධ හේතූන් මත විශේෂයෙන් යුධමය තත්වයන් මත ඉඩම් භාවිත නොකරීම නිසා සහ වගා රටාවන් නිසා වර්තමානය වන විට මෙම ප්‍රදේශය වියළි භූමියක් බවට පත්ව තිබේ. නමුත් හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් දේශගුණික සුහුරු කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ පාරිසරික ගොවිතැන් සමඟ මෙම ප්‍රදේශය ඉතිහාසයේ සඳහන් පරිදි නැවත වර්ණවත් ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා “වන්නි Green” යන සංකල්පය ආරම්භ කෙරිණි.එහි දී ප්‍රදේශයේ කාන්තාවන්ගේ ශක්තියෙන් වගා කටයුතු ආරම්භ කෙරෙණි.තම අස්වනු පාරිබෝගිකයා හට විකුණා ගැනීම සඳහා වෙළදපොළක් නිර්මාණය කළ අතර එමඟින් අස්වනු සහ වෙනත් නිපැයුම් පාරිබෝගිකා හට සෘජුව ම අලෙවි කර ගැනීමට අවස්ථාව ඔවුන්ට හිමි වේ.ගොඩ නැගුණු මෙම සංකල්පය වියළිව තිබූ පාරසරික පද්ධතිය නැවත වර්ණවත් දේශයක් බවට පරිවර්තනය කිරීමට දායක වුවේ දිරිය කතුන් යන හැඟීම පාරිභෝගිකයන් අතරට ගෙන ඒමටත්, මෙහි වගා කටයුතුවල නිරත සුළු පරිමාණ ගොවීන්ට දිරියක් ශක්තියක් ගෙන ඒමටත් මෙම “වන්නි Green” සන්නාමය වඩාත් ඉවහල් වනු ඇති බව නොඅනුමානය. Related Content
කෙතෙන් කෙතට යන නූතන තාක්ෂණය
මානවයාගේ පරිණාමයේ සිදුවූ යුග මාරුවෙන් මිනිසා ගොවි යුගයට පැමිණීමත් සමග කෘෂිකර්මාන්තයේ මූලාරම්භය සිදු විය.ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල කෘෂිකර්මාන්තය හා ආර්ථිකය රදා පවතින්නේ සහල් නිෂ්පාදනය මත ය.ඔවුන්ගේ ප්‍රධාන ආහාර බෝගය ද වන්නේ වී ශාකයයි.ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කළාපයේ බහුල වශයෙන් වී වගාව සිදු කරන අතර එහි භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර 807,763 ක් පමණ වේ.වර්ෂාපතනය සහ සෘතු රටාව මත සාමාන්‍යයෙන් වසරකට දෙවරක් වී වගාව සිදු කරයි. වී වගාව ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය බෝගය වුවද අදවන විට සහල් ආනනය කිරීම දක්වා අර්බුදකාරී තත්වයකට පත්වී ඇත.එයට හේතු සාධක කිහිපයකි.ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇතිවන ආර්ථික තත්ත්වයන් නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම හා යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ. මෙම සාධක මෙන් ම දේශගුණික විපර්යාසයන් ද වී වගාවට කන කොකා හැඬීමට ප්‍රධාන හේතුවකි.ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් හා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ. වර්ෂාව නිසා සිදු වන බලපෑම එකිනෙකාට සාපේක්ෂව වෙනස් ය.නිරන්තරයෙන් වැසි ඇදහැළෙන ප්‍රදේශවල ජනතාවට වර්ෂාව යනු ජීවිත සෝදා පාළුවට ලක් කරන්නක් විය හැකි ය.නමුත් වියළි කලාපයේ මිනිස්සුන්ට වර්ෂාව යනු ආශිර්වාදයකි.ඔවුන් මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී වගාව සිදු කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම, ජලය සිඳීයාම වගා විනාශ වීම සිදු වේ.නිසි ජල කළමණාකරන දැනුමක් ඔවුන් සතු නොවේ.මෙම අර්බුධකාරී තත්වයන් හේතු කරගනිමින් හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වී වගාව බහුල ව සිදු කරන වියළි කලාපයේ මිනිසුන් හා අත්වැල් බැඳ ගනිමින් ලෝකයේ භාවිත කරන නව තාක්ෂණය හා දැනුම ඔවුන් වෙත ගෙන යයි. ලේසර් ලෙවල් (Laser leveling ) තාක්ෂණය භුමිය සකස් කිරීම සඳහා අද වන විට ලෝකයේ පවතින දියුණු තාක්ෂණික ක්රමවේදයයි. වියළී කලාපය යනු ගොවීන් නිරන්තරයෙන් දේශගුණික විපර්යාසයන් හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන පළාතකි.කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම ඔවුන් මුහුණ දෙන සුලබ ගැටළුවකි. ලේසර් ලෙවලින් (Laser leveling ) වැනි තාක්ෂණය උපයෝගී කරගැනීම මගින් අපි බලාපොරොත්තු වන්නේ ද වී වගාව සඳහා වැය වන ජල ප්‍රමාණය කළමනාකරණය සිදු කිරීමයි. ව්‍යාපෘතිය මඟින් තවත් තාක්ෂණ ක්‍රමයක් ලෙස ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය ( Alternative Wetting and Dying ) හදුන්වා දෙයි.මෙම තාක්ෂණය ක්රමයන් මඟින් ඉතා පහසුවෙන් ජල කළමනාකරණය සිදු කර ගත හැකි අතර මෙමඟින් ගොවියාට වාසි රැසක් අත්කර දීම අපගේ අරමුණයි. වැව්ගම් පුබුදුව වැඩසටහන මඟින් අප සෑමවිටම උත්සහ කරන්නේ ගොවියාට හුරු ගොවිතැන දේශගුණික සුහුරු ගොවිතැනක් බවට පත් කිරීමට ය.රටට බත සපයන්නේ ගොවියාය.ගොවියා නොසිටින්න මනුෂ්‍යයන් වූ අපටත් පන කෙන්ද රැක ගත නොහැකි ය.ගොවියා සාර්ථක ගොවිතැනකට යන්නේ මානසික වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වුවහොත් පමණි. අප සෑමවිටම සිදු මෙවලම් හා දැනුම දේශීය වගා භූමිය තුළට රැගෙන ගොස් තෘප්තිමත් ගොවියෙක් සහ තෘප්තිමත් කෘෂිකර්මාන්තයක් ගොඩ නැඟිම රටෙහි ආර්ථිකයේ නව පුනුරුදයක් ආරම්භ වීම ට සඵලදායි හේතුවක් වීම නොඅනුමාන ය. Related Content