CRIWMP

Blog, News

ලක්ෂපතියන් බිහි කරන ගෙවත්තේ දොඩම් වගාව

ඩබ්.එම්.ඒ සෝමලතා මහත්මිය සමෘද්ධි මාවත , මහමැද්දාව, නවගත්තේගම

“ජලය හිග කාලයේදී ගම් වදින වන අලි මහමැද්දාව වැවෙන් වතුර බීලා කෙලින්ම අපේ ඉඩම් වලට කඩා වැදිල එක රැයකින්ම වගාව විනාශකරල දාපු කාලයක් තිබුනා. ඉතිං අපි වගාව අත් හැරියා. ඊට පස්සේ ඒ ඉඩම් ලදු කැලෑ උනා. අපේ දුප්පත් කමට අපි ජීවත් උනේ කුලියට වැඩකරල. නැත්තම් කැලේ ගිිහින් කරපිංචා කඩල ගෙනත් විකුණලා.  අපි වගාව අත්හැරියා. වැව්ගම් පුබුදුව ව්‍යපෘතිය යටතේ අපි ගෙවතු වගාව ආරම්භකලා.අපි අපේ ගැටළු හදුනාගත්තා. ඒවාට අපි ලග ඇති විසදුම් අත්දැකීම් භාවිතා කලා.  ඒ වැඩසටහනත් එක්කම අපි මුහුණ දෙන වන අලි ගැටළුවට උත්තරයක් වෙන්න  වැව දෙසට ඇති කොටසේ අපි දොඩම් වගාව ආරම්භ කලා. මායිමට දෙහි වැටකුත් අපි ඇතිකලා. දැන් අලියා ආවාට විනාශ කරන්න බෝගයක් නෑ. මොකද අලිය දොඩම් පැගිරි වලට කැමති නෑ. අපි මේ බව දැනගෙන හිටියට අපිට මෙහෙම වගාවක් කරන්න ශක්තියක් තිබුනේ නෑ. ඒ තරමටම අපි අසරණ වෙලා තිබුනේ. වැව්ගම් පුබුදුව ව්‍යපාතිය මගින් අපිට ජලය පාලනය කරගෙන භාවිතා කරන්න පහසුකම් එක්ක දැනුමත් ලැබුනා. අපි සැළසුම්කලා අවුරුදු 05ක් ඇතුලත ලක්ෂ 05ක් ආදායම් ඉලක්කයක් ලබා ගන්න. ඒ සදහා අපි වෙනත් ආර්ථික කෙසෙල් කටු අනෝදා පළතුරු බෝග පොල් වගා කළා. ”

 

“අක්කර භාගයක බද්ධ දොඩම් පැල 200ක් සාර්ථකව වගා කරල තියෙනවා. අවුරුදු 03කට පමණ පසු මම දොඩම් වගාවේ පළමු අස්වැන්න පසුගිය කන්නයේ ලබාගත්තා. ආදායම රුපියල් 30000ක් පමණ ගන්න පුළුවන් උනා. ඒ අත්දැකීමක් එක්ක මට අපේ ගෙවත්තෙන් පැල 200න් අවම ගෙඩි 100ක් ගත්තත්  ගස් 200කින් ගෙඩි 20000ක අස්වැන්න ගන්න පුළුවන් . අවුරුද්දකට වගා කන්න දෙකකදි ගෙඩි 40000ක් ගන්න පුළුවන්.  සාමාන්‍ය ක්‍රමයට ගෙඩියක් රු.10ක් දුන්නත් වර්ෂයකදි රුපියල් 400000.00ක් උපයන්න පුළුවන්

මම දැන් මගේ වත්තේ ඉඩකඩ තිබෙන කොසේ දිවුල් පැල වගා කරල ඒවාට දොඩම් අංකුර බද්ධ කරනවා. බද්ධ කරන්නෙත් කරන්නෙත් මමමයි. මට දැන් බද්ධ කිරීමත් සාර්ථකව කරන්න පුළුවන්. මගේ වත්තේ මම බද්ධ කරපු දොඩම් ගහක් තියෙනවා. ඒ ගහෙන් මම  ගෙඩි 300ක් -400ක්  පමණ කඩනවා. මේ අත්දැකීමත් එක්ක මට    මගේ වගාව පිළිබදව ලොකු බලා පොරොත්තුවක් තියෙනවා.”

වාර්තා සටහන 

හේමන්ත අබේවර්ධන සම්බන්ධිකාරක (CSA) වැව්ගම් පුබුදුව – SAPSRI