වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය පිළිබඳ එතුමාගේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති,ලංකාවේ පමණක් දක්නට ලැබෙන මෙරටටම ආවේනික,සුවිශේෂ ඉපැරණි වාරි ජල කළමනාකරණ ක්‍රමයක් ලෙස සැලකෙන එල්ලංගා පද්ධති නැවත මතුකර ඒවා ප්‍රතිසංස්කරණය කර ඇතිවන දේශගුණික විපර්යාසයන්ට වියලි කලාපයේ ගොවි ජනතාවට මුහුණ දිය හැකිවන අන්දමට එම එල්ලංග පද්ධති ප්‍රයෝජනයට යොමු කරවීම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණකි.ඊට සමගාමීව මල්වතු ඔය මීය හා යාන් ඔය ගංගා ද්‍රෝණි ආශ්රිත උතුර උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්ක හතක එල්ලංගා පද්ධති විසි හතරක් කේන්ද්‍ර කර ගනිමින් වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට වැඩි අවධානයක් යොමු කරමින්,විශේෂයෙන්ම කුළු වැව් සම්බන්ධව එතුමා කතාබහ කර ඇත.
2017 වසරේ ආරම්භ කළ වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය මේ වන විට අවසාන අදියරට පැමිණ ඇත.