Blog

ජල කළමනාකරණය තුළින් දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම

ජල කළමනාකරණය තුළින් දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන නියඟය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ ගොවීන් දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙති. කෙටි වැසි කාලයේදී වැව් වල එකතු වන ජලය වියළි කාලයේදී බෝග වගා කිරීමේ වර්ගය සහ ප්‍රමාණය තීරණය කරන සාධකයකි. විශේෂයෙන් වී වගාවේදී මෙය ඉතා වැදගත් වන්නේ එයට ප්‍රමාණවත් තරම් ජලය අවශ්‍ය වන බැවිනි.