News

එල්ලංගාවට පණ දෙන වැව්ගම් පුබුදුවට අන්තර්ජාතික ඇගයීමක්

හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඒකාබද්ධ ජල කළමනාකරණයක් ප්රවේශයක් තුළින්, ශ්රී ලංකාවේ වියළි කලාපීය සුළු ඉඩම් හිමි ගොවීන්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ, දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට අනුහුරුවීම සඳහා ඇති හැකියාව වැඩි දියුණු කිරීම සදහා වාරිමාර්ග අමාත්යාංශයේ වාරි සෞභාග්යා ජාතික වැඩසටහනේ අනු ව්යාපෘතියක් ලෙස ක්‍රියාක්මක දේශගුණ විපර්යාස වලට අනහුරුවීම සදහා වන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය පසුගිය දා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් විය.

එ්, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පසුගිය දා ශ්‍රි ලංකාවේ දී කල සංචාරය අතර තුරදී වැව්ගම් පුබුදුව ව්‍යාපෘති යේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2021 දෙසැම්බර් 16 වෙනිදා සිදුකල ක්ෂත්‍ර නිරීක්ෂණයකින් අනතුරුවයි.
මේ නිරීක්ෂණ චාරිකාව සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ප්රාදේශීය කාර්යාංශයේ අධ්යක්ෂ රොබට් ජේකම් මහතාද එක්වූ අතර උතුරු මැද පළාත් ලේකම් චන්ද්රසිරි බණ්ඩාර , වැව්ගම් පුබුදුව ව්යාපෘතියේ ව්යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය හා පළාත් වාරිමාර්ග දෙපාතමේන්තු ව අතුළු පාර්ශව අයතන නියෝජනය කරමින් පැමිණි පිරිස අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ප්රගති සමාලෝචනයකින් අනතුරුව කේෂත්ර චාරිකාව සිදු කරන ලදී
එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුලම එල්ලංකා පද්ධතියේ මුරියාකඩවල වැව් පරිසර පද්ධතියේ පරිසර හිතකමී වාණිජ හා ගෙවතුවගාවේ යෙදෙන්නන්ගේ වගාබිම් නිරීක්ෂණයට ලක්විය
තවද ඉහල පුංචිකුලම වැ‍වේ නැවත ප්‍රතිස්තාපනය කල කට්ටකාඩුව ගස්ගොම්මන වැනි පරිසර පද්ධති කෙරෙහිද ඔවුන්ගේ දැඩි අවධානය හා ප්‍රසාදයට ලක්විය.
සිවලා කුලම එල්ලංගා පද්ධතියේ වන ප්‍රජාවගේ පානීය ජල ගැටළුව විසදීමේ අරමුණින් ක්‍රියාත්මක ඉහල ගල්කුලම පානීය ජල සම්පාදන පද්ධකියේ ද නිරික්ෂණයට ලක්කල පිරිස එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් වන්නට මූලික වූ පළුගස්වැව එල්ලංගා පද්ධතායේ සංචාරය කරන ලදී
එහිද කපුගම වැව ඉස්මත්තේ පරිසරහිතකාමී වගාවේ නිරත ගොවීන් හමුවී ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නා ලදී.
සම්පුර්ණ දිනයක් පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රෙද්ශ හි සංචාරය කල එක්සත් ජාත්නීගේ සහකාර මහලේකම් තුමියේ අවසන් නිගමනය වූයේ
මෙම ව්‍යාපෘතිය වාඩාත්ම ප්‍රජාවට සමීප හා සතුටුදායක ව්‍යාපෘතියක් බවත් රජය විශේෂයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය වෙත දක්වන උනන්දුව හා කැපකිරීමත් අනෙක් පාර්ශව ආයතන සමග සමීප සහයෝගයෙන් වැඩ කිරීම පිළිබද දක්වන කැප කිරීමත් ඇයගේ ප්‍රසංසාවට ලක් වන බවයි.

තවද වාරිමාර්ග අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා , අමාත්‍යාංශ ලේකම් , ව්‍යාපෘති අධ්‍යක්ෂ හා එක්සක් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පිරිස හා අකෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශයකරුවන් මෙලෙස එක්ව ක්‍රියාකර වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන ඔස්සේ දේශගුණ විපර්යාස වලින් බැට කන මෙම ප්‍රජාව වෙනුවෙන් සිදුකරන කාර්යයද විශේෂ ඇගයීමට ලක්කරන ලදී

නලින් චාමින්ද මීමනගේ
සන්නිවේදන විශේෂඥ

වැව්ගම් පුබුදුව