අභියෝග මැද ඵලදායී ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙත් අනුගමනය
හැඳින්වීම වර්තමාන අපේ රට මුහුණ පා සිටින ආර්ථික, දේශපාලනික හා සාමාජයීය අභියෝගකාරී වාතාවරණය මධ්‍යයයේ වුවද එම අභියෝගවල බලපෑම අවම කරගනිමින් “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වෙත සැලසුම් කර ඇති පරිදි ප්රතිලාභ ලඟාකරදීම සඳහා ප්‍රායෝගික ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම කාලින අවශ්‍යතාවයක් වේ. මෙහිදී රටේ නිෂ්පාදන ක්‍රියාදාමය සඳහා කාලීනව ඉතාමත් අත්‍යාවශය කෘෂිකාර්මික, අහාර සුරක්ෂිතතාවට අදාලව ඉතා වැදගත් ප්‍රයෝගික ප්රතිලාභ අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් එවැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඉතා වැදගත් වේ. වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ පවතින ගැටළු ඉදිකිරීම් ක්ෂේත්රයට අදාලව වර්තමාන අභියෝග හමුවේ ගැටළු රාශියක් පවතින නමුත් ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතියට අදාලව පහත පරිදි හඳුනාගත හැක. අ) අමුද්‍රව්‍ය මිල කෙටි කාල පරාසයක් තුළ අධික ලෙස උච්ඡාවචනය වීම. ආ) ඉන්ධන ඌනතාවය හා එම සැපයුම්ජාල අඛණ්ඩව ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලු පැවතීම. එමෙන්ම ඉන්ධන මිල කෙටි කාල පරාසයක් තුළ අධික ලෙස උච්ඡාවචනය වීම. ඇ) ඉහත “අ හා ආ” හේතු හා ඊට අදාල අනෙකුත් කරුණු මත ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් සියලු සේවා වියදම් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැවතීම. ඈ) ඉදිකිරීම් ක්ෂේත්රයට අදාල සියලු ශ්‍රමික (නිපුණැති / කම්කරු ආදී ) හිඟතාව හා ඔවුනට අදාල ගෙවීම ඉහළ යාම. ගැටළු නිරාකරණය සඳහා අනුගමනය කළ හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග : ඉහත දක්වා ඇති ගැටළු ඉතා සංකීර්ණ හා අභියෝගකාරී වන නමුත් ව්‍යාපෘතියේ ප්රතිලාභ නියමිත කාල රාමුවක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රයෝගික ක්‍රියා මාර්ග ඉතා වැදගත් වේ.ඒ පිලිබඳ ප්‍රවේශයක් පහත දක්වා ඇති පරිදි ලබා ගත හැක. අ.) පෙර දැක්ම හා සැළසුම් කිරීම( Foresight & Planning ) මෙහිදී සාමාන්‍ය කාල රාමු හා වාතාවරණයන් පිලිබඳ සීමාවලින් ඔබ්බට ගොස් සියලු සාධක සැලකිල්ලට ගනිමින් ප්‍රායෝගික සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍ය ප්රසම්පාදාන කාලසටහනකට වඩා කල්වේලා ඇතිව ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම, ප්‍රසම්පාදන කොන්දේසි සඳහා වැඩි නම්‍යතාවයක් සහිත ප්‍රායෝගික කරුණු ඇතුළත් කිරීම , ශ්‍රව්‍ය දෘෂ්‍ය සියලු මාධ්‍ය භාවිතා කරමින් ඉතා පුළුල් ප්‍රචාරයක් ලබාදීම,ඉදිකිරීම් සංවර්ධන හා පුහුණු ආයතනය ( CIDA )සමඟ නිරන්තර සබඳතා මගින් ප්‍රසම්පාදන ලියකියවිලි ආශ්‍රිතව ලංසුකරුවන්ට පැනනැඟිය හැකි ගැටලු පිළිබඳ පෙර සාකච්ඡා සිදු කර විසඳුම් අනුගත කිරීම ආදී ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කළ යුතු වේ. ( ආ ) සන්නිවේදනය හා සම්බන්ධීකරණය ( Communication & Coordination ) සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළම ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් සියලු පාර්ශව සමඟ මනා සන්නිවේදනයක් හා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙවැනි අභියෝගකාරී කාලසීමාවන් තුළ ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ.. විශේෂයෙන්ම නිසි සන්නිවේදනය නොමැති වුවහොත් අනවශ්‍ය ප්‍රමාද සිදුවීම, ඉටුකළ යුතු කාර්යය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිවීම, ප්‍රමාණවත් ලංසු ඉදිරිපත් නොවීම වැනි ඵලදායි නොවන ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින් සියලු පාර්ශව මේ පිළිබඳව වැඩි අවධානයකින් ක්‍රියා කළ යුතු වේ. ( ඇ ) නම්‍යතාවය හා සහයෝගිතාවය ( Flexibility & Cooperation ) මෙවැනි අභියෝගකාරී වාතාවරණයක් තුළ එම ප්‍රායෝගික ගැටලු හා ඊට අනුරූපව එක් එක් පාර්ශව වෙත ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව වඩාත් අවබෝධයකින් සමස්ත ක්‍රියාදාමය තුළ වඩාත් නම්‍යශිලිව හා සහයෝගිතාවයෙන් ක්‍රියා කිරීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. අපගේ ව්‍යාපෘතිය තුළ කොන්ත්‍රාත්කරුවන් සඳහා මෑත කාලයේදී සිමෙන්ති ලබා ගැනීම දුෂ්කර වූ අවස්තාවලදී ව්‍යාපෘතිය මගින් ස්වයංක්‍රියාකාරී වී සිමෙන්ති නිෂ්පාදන සමාගම්වල සභාපති හා ඉහළ කළමනාකාරිත්වය සමඟ සම්බන්ධීකරණය සිදු කර අවශ්‍ය කොන්ත්‍රාත්කරුවන්ට ඒ ඒ දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය සිදුකර දීමට ක්‍රියාකිරීම හා මෑත කාලයේදී එම අයුරින්ම ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් ඉදිරි සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම ආරම්භ කිරීම ආදී වශයෙන් මේ සඳහා උදාහරණ දැක්විය හැක. එමෙන්ම ව්‍යාපෘතියේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ( AWP) අනුව මුදලට වටිනාකම ( Value for Money ) හා ඉටුකරනු ලබන කාර්යයන් වල ගුණාත්මක භාවය හාප්ර්රමිතිය (Quality assurance )පවත්වාගනිමින් ව්‍යාපෘතියේ සියලූම ප්‍රසම්පාදන කටයුතු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ( UNDP) ප්‍රතීතන නියෝජනය ක්‍රියාත්මක සහයෝගිතාව (Implementation support) නිරතුරුවම ප්‍රගති සමාලෝචන සාකච්ඡුා හා සම්බන්ධීකරණය සිදු කරමින් වඩාත් නම්‍යශීලී ලෙස ක්‍රියා කිරීම මගින් අපේක්ෂිත කාලරාමු ඇතුළත වඩාත් ඉහළ ප්රතිලාභ ලබාදීමට හැකියාව ලැබී ඇත. ඉහත විස්තරාත්මකව දක්වා ඇති ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ඉතා දුෂ්කර මෙවැනි අර්බුදකාරී වාතාවරණයකදී වුවද ව්‍යාපෘතියේ නියමිත වාර්ෂික කාල රාමුවලට අනුගත වෙමින් ප්‍රසම්පාදන කටයුතු කාර්යක්ෂමව ඉටුකරගෙන යාමට ඉඩ ප්‍රස්තාව සැලසී ඇති අතර ඒ පිලිබඳව ව්‍යාපෘතියක් ලෙස සියලු පාර්ශ්ව වෙත ගෞරවය හිමි විය යුතුය. මේජර් ජනරාල් රේනක උවත්ත (විශ්‍රාමික) ප්‍රසම්පාදන විශේෂඥ වැව්ගම් පුබුදුව
CRIWMP – Past, Present & Future
Summary The Climate Resilient Integrated Water Management project is now in its fifth year, and two more years to go. This article briefly explained the past achievement, present scenario, and future of the project. The project has undergone a project restructuring starting on 04th December 2020. However, on 15th September 2021, the GCF Secretariat communicated that the Operations Committee determined that the project’s restructuring proposal is a minor change. With this background, the project is now plaining to resume new activities with an expedited delivery mechanism. This article will explain a) the overall physical and financial progress of the project as of 01 05 2022 and b) the remaining workload of the project for the rest of the project period. For the easiness of the explanation, the remaining workload has been categorized as irrigation, agriculture, drinking water and disaster risk reduction (DRR) subcomponents. Irrigation subcomponent Most of the budget has been allocated to village irrigation systems (VIS) upgrading work, which consists of both upstream and downstream development. Initially, it was planned to carry out upstream work using GCF proceeds and downstream development using GoSL funds. However, the project did not receive GCF proceeds during the restructuring process. However, considering the needs of the smallholder farmers, the Government continued upstream development using Govt co-financing available for the project in 2021 while investing in the downstream work. As of 31 12 2021, the project has completed upgrading the upstream development of 164 VISs. In 2022, the project will complete the upstream work of 108 VISs (58 were initiated in 2021), and the remaining will be completed in 2023. Initially, it was planned to complete both upstream and downstream development works in 2022, but now it spills over to 2023. Therefore, the Government has decided to allocate more human resources to this activity to maintain the required delivery rate. In parallel to the VIS upgrading, the project prepares operation and maintenance plans for each VIS with the respective Farmers’ Organizations. Agriculture subcomponent The project will achieve 520,00 beneficiaries out of the 780,221 (as per restructuring proposal) through the agriculture component (Activity 1.3) and Output 03. These two components are critical to reaching the total number of beneficiaries; The project did not start any new agriculture activities during the restructuring period. Still, it continued to provide agriculture extension services to the selected beneficiaries through the government extension services. Furthermore, the project disseminated agriculture technology packages to 459,024, and 17,893 women farmers adopted CSA technologies from its inception. Despite the ongoing pandemic, these measures have enabled farmers to sustain their agricultural livelihoods amidst extreme weather events. Furthermore, the project has planned to implement an expedited agriculture program in the next monsoon rainy season (MAHA cultivation season), the primary cultivation season of the dry zone farmers in Sri Lanka. Therefore, during the PB meeting held on 05th April 2022, the project decided to allocate more human resources from the Ministry of Irrigation and the RPs to deliver an expedited agriculture programme in the coming seasons. Drinking water subcomponent Initial plan of the project was to construct 35 new rural water supply schemes (NWSS) to assure year-round access to clean drinking. Anyhow, due to limitations of multiple factors such as scarcity of water resources, need for advanced purification technologies, and scattered distribution of households, the project fund is adequate to complete 07 NWSS using GCF proceeds and two more to be completed using government funds. Once this 09 NWSS are commissioned, the project will be able to assure year-round access to clean drinking water for 3,362 households in Kurunagala, Puttalam, Vavuniya and Anuradapura districts. In addition, the project has so far installed nearly 3,250 number of 5,000L rainwater harvesting systems (PE tanks and installation accessories) to collect rainwater in selected vulnerable households to ensure clean drinking water for a dry spell of the year. Further, the project has provided small, advanced water purification units for selected schools and hospitals in Anuradapura, Kurunagala and Vavuniya districts. During the rest of the period, the project will consolidate its interventions to ensure the sustainability of the project’s benefits. Furthermore, the project has planned a series of training programs for the selected water user organizations so that the beneficiaries can apply the gained knowledge to operate and manage their water supply schemes, rainwater harvesting systems and small advanced water filters. DRR subcomponent Up to date, the project has strengthened the agro-meteorological observation capacity of the Dept of Meteorology by installing 5 Automated Agro Met stations, 10 Automated Rain Gauges and a real-time data transfer mechanism in project river basins. Further, strengthening the hydrometeorological observation network of the Department of Irrigation was supported by installing 23 automated Water Level Recorders in 3 river basins. A data portal and mobile app are available to access project stakeholders’ real-time data on these gauges. The project will support both agencies in conducting operation and maintenance activities and applying gauge readings for advisory generation and application purposes during the remaining project period. Irrespective of the restructuring process, the project continued to facilitate dissemination of the weather and agro-met advisories for 459,204 farmers in 69 ASCs in 3 project river basins. During the next two years, the project will institutionalize this system to co-develop and disseminate the advisories to national and district stakeholders. As of 2023, the project will target 520,000 direct beneficiaries (77 ASCs within project river basins), and 614,523 indirect beneficiaries come under 91 ASCs outside river basins and within project district boundaries. Under strengthening the disaster preparedness and early warning, the project will complete the development of village disaster preparedness plans for all the project cascade locations (26 plans already completed) and 25 divisional disaster preparedness plans within river basins. Further, the project will strengthen the flood/water management capacity of drinking water beneficiaries who live both within and outside river basin areas. Financial Progress (as per 20 05 2022) in millions Total budget (USD) Actual expenditure (USD) GCF GoSL GCF GoSL Com 01 21.022 7.104 10.900 5.255 Com 02 9.905 6.110 7.646 1.307 Com 03 3.652
අතමිට සරු කරන – වන අලි රස නොබැලු පැණි රස දොඩම්
වියලි කළාපයේ පවතිවන ජල හිගය නියගය සහ වන අලි තර්ජනය හමුවේ වඩාත් පීඩාවට ලක්වන ජන කොට්ඨාශය වනුයේ ගොවීන්ය. මෙම වන අලි තර්ජනය විහේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කරුවලගස්වැව වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බහුලව දක්නට ලැබේ. නියගය සහ වන අලි ගැටළුවට තිරසාර විසදුමක් මේවනතෙක් හදුනාගෙන නොමැත. නමුත් පවතින දේශගුණික වෙනස්වීම් සහ ආපදාවන් කළමණාකරණය කරගනිමින් ගොවීන්ට ඒ සදහා මුහුණදිමට අවශ්‍ය ශක්තිය ලබාදිම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ දේශගුණික සුහුරු කෘසිකර්මික සංවර්ධන වැඩසටහනේ අපේක්ෂාව වේ. මේ සදහා අවශ්‍ය තොරතුරු අත්දැකීම් ලබාගැනිම සදහා අනුග්‍රහ සම්පන්න පරිසරය සකස් කිරීමත් අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පහසුකම් ලබාදිමත් සිදුකරනු ලබයි. අතමිට සරු කරන වන අලි රස නොබැලු පැණි රස දොඩමි පිළිබද අත්දැකීම් එකතුව එයට උදාහරණයකි. පුත්තලම් දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගහ වැව ග්‍රාම නිලධාරි වසමේ කුඩා දොඩම්අත්තෑව ගම්මානය සහ අන්දර වැව ග්‍රාම නිලධාරි වසම අධික වන අලි තරජිත ප්රදේශයකි. එසේම වසරේ වැඩි කාලයක් වියලි පරිසර තත්වයන්ගෙන් යුක්තය. මෙම ප්‍රදේශයන්හි ගොවීන් තම වගා බිම් වල ස්වාභාවිකව වැවෙන දිවුල් ශාකයට පැණි දොඩම් අංකුර බද්ධය සාර්ථකව සිදුකර දිවුල් බද්ධ දොඩම් වගාව වසර 15 ක පමණ කාලයක සිට සිදුකරගෙන එනු ලබයි. නමුත් නිසි නඩත්තුවක් සහ මනා පලිබෝධ හා රෝග පාලනය නොකිරීම හේතුවෙන් මෙම දිවුල් බද්ධ දොඩම් වගාව විවිධ ගැටළු වලට මුහුණ දුන්නද ගොවීන් තම අත්දැකීම් භාවිතා කරමින් පවත්වාගෙන යනු ලැබේ. අතුමැරීයාම ආරම්භව පසුව සම්පූර්ණ දොඩම් ගසම මැරීයාම මෙහි දක්නට ලැබෙන සුලභ ගැටළුවකි. එයට අමතරව වෙනත් රෝග සහ පලිබෝධ හානිද දක්නට තිබේ. මෙම දිවුල් බද්ධ දොඩම් වගාව සදහා තාක්ෂනික ආයතනයන්ගේ මැදිහත්වීම අල්පය. ඒ සදහා පළතුරු පිළිබදව විශේෂඥයින්ගේ තාක්ෂනික නිර්දේශයන්ද බලපා තිබේ. එනම් ප්‍රමිතියෙන් යුක්ත සාර්ථක දොඩම් අස්වැන්නක් සදහා පර්යේෂන නිලධාරීන් අනුමත කරන ග්රාහක අතරට දිවුල් ශාකය ඇතුලත් නොවේ. ඒ සදහා සුදුසු ශාක ලෙස රෆ් ලෙමන්, ට්රයිපොලියාටා (තුන්පත් කුරුඳු) බීජ සහ තවත් දෙහි විශේෂ කිපයක් ග්රාහක පැළවලට නිර්දේශ කර ඇත. දිවුල් ශාකය වැනි ග්රාහක යොදා ගත් විට, ප්‍රශස්ථ අස්වැන්න සහ ප්‍රමිතියෙන් යුක්ත දොඩම් ලබාගැනීමට නොහැකිවීම යන කරුණ මත දිවුල් දොඩම් බද්ධ වගාව තාක්ෂණිකව ආර්ථික පළතුරු වගාවක් සදහා අනුමත කර නැත. තාක්ෂණිකව දිවුල් බද්ධ දොඩම් වගාව නිර්දේශ නොකලද ගොවීන් දිවුල් බද්ධ දොඩම් වගාව තුලින් ඔවුන්ගේ පවතින කේෂත්ර ගැටළු සදහා පිළිතුරු සපයාගෙන ඇත. අඩු ජලයට සහ නියගයට ඔරොත්තුදීම යන කාරණය මත ගොවීන් මෙම වගාවට යොමුව තිබේ. දෙහි දොඩම් වැනි පැගිරි කුලයේ ශාක සදහා වන අලි රුචියක් නොදැක්වීම හේතුවෙන් වන අලි තර්ජනයට ද හොදම විසදුමක් ලෙස හදුනාගෙන ඇත.ගොවීන් අක්කරයක පැල 400ක් පමණ වගා කරයි.. ඒ අනුව ප්‍රශස්ථ වගාවකින් අක්කර අස්වැන්න එක් කන්නයකදී 40000ක් ලබාගැනීමට හැකියාව ඇත. එය වගාව මත වෙනස් විය හැකිය. වසරකට ඵලදාව ලබාදෙන වාරගනන දෙකකි. වැඩුන හොද දොඩම් ගෙඩියක මිල රු.10ක් පමණ විය. වාර අවසානයේදී මිල රු.25 පමණ වන අවස්ථාද තිබි ඇත. අස්වැන්න සදහාද වෙළද පළ ඉල්ලුමක් තිබේ. ගොවින් සාධාරණ ආදායමක් මෙම දොඩම් වගාවෙන් ලබාගනී. වසර 10කට පෙර කේෂත්රයේ පැවැති මෙම තත්වයන් පිළිබදව සලකා බැලු කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරින් දිවුල් බද්ධ දොඩම් වගාව නවගත්තේගම ප්‍රදේශයට නිර්දේශ කිරිම කර ඇත. එසේ වුවද ඉන්පසු ආර්ථික පළතුරු වගාවක් ලෙස දිවුල් බද්ධ දොඩම් වගාව ව්‍යාප්ත කිරිම සදහා කිසිවෙකු මැදිහත් වී නොමැත.< Image need to add> මේ වන විට කෘෂිකර්ම දේපාර්තමේන්තුව තාක්ෂනික උපදේශනය යටතේ වැව්ගම් පුබුදුව ව්‍යපෘතිය මගින් මහමැද්දාව කුඩා දොඩම්අත්තෑව මොරගහ වැව සහ මහමැද්දාව යන ගම්මාන ගොවීන් 108 කට කප්පාදු පුහුණුව ලබාදීලා ගොවි කණ්ඩායම් 10 ක ගොවීන් 60 ක් සදහා උපකරණ කට්ටල බෙදලා දීලා තම වගාව තමන්ටම කප්පාදු කරගැනීමට අවශ්‍ය බලගැන්වීම කර තිබේනවා. පළතුරු ගම්මාන සංකල්පය යටතේ තව දුරටත් ගොවීන්ට අවශ්‍ය තාක්ෂනික උපදේශන සේවා පුහුණු ලබාදෙමින් පළතුරු සමිති බවට ගොවින් සංවිධානගත කරමින් පුද්ගලික අංශය සමග වෙළදපළ සම්බන්ධීකරණ ඔස්සේ අවශ්‍ය මැදිහත්විම් සිදුකිරීමට සැළසුම් කරමින් පවති. හේමන්ත අබේවර්ධන සම්බන්ධිකාරක (CSA) වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය දකුණු ආසියානු – ශ්‍රී ලංකා සහයෝගීතාවය
වැවක මෙහෙයුම් හා නඩත්තුව ඇයි වැදගත්…..!
ඔබ අසා ඇති හැඳි නොගා හදන හොද්ද පිළිබඳව පුරාණ කියමන අසා ඇතැයි මා සිතමි. එහි තේරුම නම් හදන හොද්ද රසවත් මෙන්ම පිළිවෙලකට සාදා ගැනීමට නම් හොඳට හැඳි ගගා හැදිය යුතුය. නිසි ආකාරයට නඩත්තුවක් සහ මෙහෙයුම් කටයුතු සිදු නොකරන වැවත් හැඳි නොගා හදන හොද්දත් දෙකම ගඟට කපන ඉනි වැනිය. මේ නිසාම අපි දකිනවා දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය. (වැව් ගම් පුබුදුව) මගින් එල්ලංගා පද්ධති වලට අයත් වැව් ඉතා හොඳ සැලැස්මකට අනුව ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසුව මෙහෙයුම් සහ නඩත්තු කටයුතු පසුකාලීනව සිදු කර ගෙන යෑමට අවශ්‍ය ඉතාමත් උසස් තත්වයෙන් යුතු සියලු උපකරණ (Equipments) අප ව්‍යාපෘතිය මගින් ගොවි සංවිධාන වෙත ප්රදානය කරනු ලබයි. මෙම උපකරණ ඵලදායි ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳව උපදෙස් සහ මග පෙන්වීම් නිරතුරුවම ලබාදෙයි. ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ප්‍රතිසංස්කරණය කරන ලද වැව් වසර කිහිපයක් යන්නටත් පෙර වැව් බැම්ම දිගේ ඇවිදන් යාමටත් බැරි තරමට වල් බිහි වී තිබෙන දසුන් ද අප හට දක්නට ලැබේ. එමෙන්ම ලබාදුන් උපකරණ නිසි ආකාරයට භාවිතා කරමින් උපදෙස් සහ මගපෙන්වීම වලට යටත්ව නෙතට ප්‍රිය උපදවන ආකාරයට නඩත්තු කටයුතු සිදු කළ වැව් ද දක්නට ලැබේ. මිනිසුන් ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු කාලය එළඹ ඇත. අද මිනිසුන් හන්දියක් හන්දියක් ගානේ රට කරවන හැටි කතාවේ. නමුත් ලබාදුන් උපකරණ භාවිතා කරමින් බත සරි කරදෙන වැවට උපරිම සාධාරණයක් ඉටු කරනු ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය ප්‍රජාව බලමුලු ගැන්වීමේ වැඩපිළිවෙලවල් තව තවත් පුළුල් කරමින් වැව දුටු කල ගොවිතැන් කටයුතු සිදුකිරීමට ගත සිත නිරන්තරයෙන් ඇදී යන ආකාරයට වැවක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සිදුවන්නේ නම් ව්‍යාපෘතියේ සහ සුවහසක් ගොවි ජනතාවගේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන් වෙනවා සේම ලෝක උරුමයක් ව පවතින එල්ලංගා පද්ධති චිරාත් කාලයක් සුරක්ෂිත වෙමින් අනාගතයට දායාද වේ. අතුල ප්‍රසාද් කරුණාරත්න දිස්ත්‍රික් සම්බන්ධීකාරක කුරුණෑගල වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය.
අර්බුද හමුවේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් ජෛවවිවිධත්වයේ ඇති වැදගත්කම
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1993 වසරේ දෙසැම්බර් 29 වන දින, ප්‍රථම වරට ලෝක ජෛවවිවිධත්ව දිනය ලෙස දෙසැම්බර් 29 වන දිනය නම් කරන ලදි. කෙසේ නමුත්, දෙසැම්බර් මස අවසානයේ මෙවැනි වැදගත් දිනයක් සැමරීමේ දී මුහුණදෙන ප්‍රායෝගික ගැටළු සලකා බලා සහ ජෛවවිවිධත්ව සම්මුතිය, සම්මත කරගත් දිනය ද සුවිශේෂ දිනයක් ලෙස සිහිකිරීම වැදගත් හෙයින් 2000 වසරේ සිට, මැයි 22 වන දිනය ලෝක ජෛවවිවිධත්ව දිනය ලෙස නම් කර ඇත. එක් එක් වර්ෂයක දී ජෛවවිවිධත්වයේ වැදගත්කම පදනම් කරගත් තේමා යටතේ මෙම දිනය සමරනු ලබන අතර තිරසාර සංවර්ධන අරමුණු අනුමත වීමෙන් පසු තිරසාර සංවර්ධනය සඳහා ජෛවවිවිධත්වයේ වැදගත්කම තේමා කරගනිමින් වාර්ෂිකව ලෝක ජෛවවිවිධත්ව දිනය සමරනු ලබයි. මේ යටතේ, ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය, දේශගුණ විපර්යාසවලට අණුහුරු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ආවරණය වන තිරසාර සංවර්ධන අරමුණු ඉටුකරගැනීමේ දී ජෛවවිවිධත්වයේ ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම්, ජෛවවිවිධත්වය තිරසාර භාවිතය සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ග, සංරක්ෂණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සහ සංරක්ෂිත ජීවීන් සහ ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීම වැනි කටයුතු අප රට තුල මෙන්ම ලෝකය පුරා ද ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට රට තුල පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය සමග පැනනැගී ඇති ආහාර අර්බුදයත් සහ ඒ සමග බැඳී තිබෙන ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය බිඳවැටීමත් පාලනය කිරීමට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන පිළියම් සෙවීමේ දී ගෝලීය මෙන්ම දේශීය ජෛවවිවිධත්වය තුලින් සුවිශේෂී දායකත්වය ලබාගැනීමේ හැකියාව ඇත. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සමග ඍජුව සම්බන්ධ වන තිරසාර සංවර්ධන අරමුණුවල දෙවන අරමුණ ඇතුළු අනෙකුත් අරමුණු 16 සපුරාගැනීම සඳහා කටයුතු කිරීමේ දී ජෛවවිවිධත්වය සතු විභවය සහ කාර්යභාරය ඉතා ඉහලයි. ජෛවවිවිධත්වය සැලකීමේ දී කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්රිත ජෛවවිවිධත්වය (Agrobiodiversity and associated biodiversity) යන උප ක්ෂේත්‍ර ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා ඍජුව වැදගත් වේ. අප විසින් ආහාර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්න විවිධ වූ පැළෑටි, ගස් වැල් සහ ලොකු කුඩා සත්ත්ව විශේෂ සහ ප්‍රභේද කෘෂි ජෛවවිවිධත්වයට අයත් වේ. එසේම, වගාකරන භෝග විශේෂ සහ භෝග ප්‍රභේද, ඇතිකරන ගොවිපළ සතුන් මෙන්ම වගබිම්වලට සහ ගොවිපළවල්වලට බැහැරින් ස්වාභාවික හමුවන ආහාර සඳහා නෙලාගන්න සහ එකතු කරගන්න පැළෑටි, ගස්වැල් සහ සත්ත්ව විශේෂ ද කෘෂි ජෛවවිවිධත්වයට අයත් වේ. එනම්, අප විසින් වගා කරන ධාන්‍ය, එළවළු සහ පලතුරු ආදී විවිධ වූ ආහාර බෝග, හරකුන්, කුකුළන් ඇතුළු ගොවිපළ සතුන් මෙන්ම ගොවිබිම්වල ඉබේ වැවෙන සහ ගොවිපලවලින් බැහැර ස්වභාවික පරිසරයේ වැවෙන ආහාර ලෙස භාවිතා කරන ගස්වැල්, පැළෑටි, සහ සතාසිව්පාවුන්, ජලජ ජීවින් සහ කෘමින් ද කෘෂි ජෛවවිවිධත්වය ට අයත් වේ. ආහාර ලෙස ඍජුව දායක නොවන එහෙත් කෘෂි පාරිසරික පද්ධතිවල පැවැත්ම වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිසරික සේවා සපයන ජෛවවිවිධත්වය, ආශ්රිත ජෛවවිවිධත්වය ලෙස සරලව හඳුන්වනවා. ඒ යටතේ, පාංශු පෝෂක චක්‍රීයකරණය සඳහා දායකවන ගැඩවිල්ලන්, පාංශු කෘමින් වැනි මහා ජීවින් සහ පාංශු ක්ෂුද්රජීවින්, පළිබෝධයකින් වගේම පළිබෝධයකින්ට හානි කරන කෘෂිකාර්මික ව හිතකර කෘමීන්, බෝග අස්වනුවලට ඍජුව වැදගත් වන පුෂ්ප පරාගනය සඳහා දායකවන මීමැස්සන්, සමනළයින් වැනි පරගකාරක කෘමීන් සහ වවුලන් වැනි ජීව විශේෂ ඇතුළත් වෙනවා. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා, විශේෂයෙන්ම වර්තමානයේ මුහුණදෙමින් සිටින ආහාර අර්බුදය හමුවේ, කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්රිත ජෛවවිවිධත්වය වැදගත් වන්නේ කොහොම ද? දැනට හඳුනාගෙන ඇති සහ වාර්තාකර ඇති ආකාරයට වසර දසදහසකට වඩා ඉතිහාසයක් ඇති කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තුල ගස්වැල් සහ පැළෑටි විශේෂ 10000 ට වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් විසින් ආහාර ලෙස ලොව පුරා විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් වල භාවිතා කරන බව සඳහන් වෙනවා. එයින් විශේෂ 6000 ක් පමණ වගාකරන භෝග විශේෂ වන අතර ඉතිරිය භෝග වන දර්ශ සහ භෝග වල් දර්ශ සහ වගා නොකරන එහෙත් ආහාර සඳහා නෙලාගන්නා/ එකතුකරගන්නා ගස්වැල් පැළෑටිවලින් සමන්විත වෙනවා. ඒ වගේම, ආහාර සඳහා යොදාගන්න සතුන් සැලකීමේ දී විශේෂ 40 කට අයත් ප්‍රභේද 7500 ට වැඩි සංඛ්‍යාවක් ගොවිපළ සතුන් ලෙස භාවිතා කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් මේ වන විට ඉහත ශාක සහ සත්ත්ව විශේෂවලින් අතලොස්සක් පමණක් ලෝකයේ ආහාර සැපයුම සඳහා දැඩි ලෙස යොදාගනිමින් සිටිති. එනම්, ඉහත ශාක විශේෂවලින් 200 පමණ බහුලව ආහාර නිෂ්පාදනයට යොදාගන්නා නමුත් ගෝලීය ආහාර භෝග නිෂ්පාදනයෙන් 66% සඳහා දායක වෙන්නේ එයිනුත් භෝග විශේෂ 9 ක් පමණි. මස් මාංශ සහ බිත්තර ඇතුළු ගොවිපළ නිෂ්පාදන සඳහා යොදාගන්නේ ද ගොවිපළ සත්ත්ව ප්‍රභේද ඉතා සීමිත සංඛ්‍යාවක් පමණි. මසුන් ඇතුළු ජලජ විශේෂ සැලකුව ද ඉහත තත්ත්වයේ වෙනසක් නැත. එනම්, විවිධත්වයෙන් ඉතා ඉහළ වූ ආහාර පද්ධති සීමිත ආහාර සංඛ්‍යාවකට කොටු වී ඇත. ශ්‍රී ලංකාව ද කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්රිත ජෛවවිවිධත්වයෙන් ඉතා පොහොසත් රටකි. එනම් , වගා කරන බෝග විශේෂ සහ බෝග ප්‍රභේද විවිධත්වය මෙන්ම වගා නොකරන සහ වනජ ආහාර ශාක විවිධත්වය ඉතා ඉහළයි. එහෙත්, පසුගිය දසක කිහිපයේ ආහාර නිෂ්පාදන පද්ධතියේ මෙන්ම සමාජ ආර්ථික වශයෙන් සිදුවූ වෙනස්කම් සමග අපේ ආහාර පද්ධතිය ද තෝරාගත් බෝග විශේෂ සහ බෝග ප්‍රභේද අතලොස්සකට සිමා වී ඇත. චිරාත් කාලයක් අපගේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවයට දායක වූ ගස් වැල් පැළෑටි විශාල සංඛ්‍යාවක් නොසලකා හැර ඇති සහ/හෝ ඌන භාවිත තත්ත්වය පත්ව ඇති අතර ඒ හා බැඳී පැවති දැනුම් පද්ධති සීග්‍රයෙන් අහිමිවෙමින් පවතී. කෙසේ නමුත්, කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්රිත ජෛවවිවිධත්වය සංරක්ෂණය, ප්‍රවර්ධන සහ තිරසාර භාවිතයන් වෙත යොමුවීම තුලින් ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය ඉහළ නැන්වීම, දේශගුණ විපර්යාසවලට අණුහුරු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ ජිවනෝපාය සංවර්ධනය, තිරසාර කෘෂි පරිසර පද්ධති ඇතිකරගැනීම, තිරසාර ආහාර පද්ධති ගොඩනගාගැනීම ඇතුළු තිරසාර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා වැදගත් වන අංශ ගණනාවක් ශක්තිමත් කරගත හැකි බවට විද්‍යාත්මක සාක්ෂි සාධක සහ දත්ත බොහෝ ප්‍රමාණයක් ලොව පුරා වාර්තා වෙමින් ඇත. එසේම, ඒ සඳහා විශේෂයෙන්ම ගොඩනැගුණු ආයතන, උපායමාර්ග සහ වැඩසටහන් ද ඇත. එමනිසා, අප මුහුණදෙමින් සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදයත් සමග පැනනැගී ඇති ආහාර අර්බුදය කඩිනම් විසදුම් සෙවීමේ දී කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්රිත ජෛවවිවිධත්වය උපරිමයෙන් යොදාගැනීමට මෙන්ම තිරසාර කෘෂි පරිසර පද්ධති සහ තිරසාර ආහාර පද්ධති ගොඩනගාගැනීම සඳහා අපට උරුම ජෛවවිවිධත්වය යොදාගැනීම ට, වර්තමාන අර්බුද තුලින් විවෘත වී ඇති අනගි අවස්ථා අත්නොහැර යොදාගත යුතුයි. ලාල් වක්කුඹුර පරිසර හා සමාජ ආරක්ෂණ විශේෂඥ වැව්ගම් පුබුදුව
மழை நீர் ஒரு மகத்தான குடிநீர்
வடக்கின் வாயிலாக விளங்கும் வவுனியா மாவட்டம் நான்கு பிரதேச செயளாளர் பிரிவுகளாக பிரிக்கப்பட்டுள்ளது. அதில் செட்டிக்குளம் மற்றும் வவுனியா தெற்கு ஆகிய இரண்டு பிரதேச செயலாளார். பிரிவுகளில் “காலநிலை மாற்றத்தினை தாக்குப்பிடிக்கும் ஒருங்கிணைந்த நீர் முகாமைத்துவக் கருத்திட்டம்” எனும் திட்டம் நீர்ப்பாசன அமைச்சின் அனுசரனையூடனும்.பசுமை காலநிலை நிதியத்தின் நிதி உதவியூடனும் UNDP அமைப்பின் தொழிநுட்ப ஆலோசனையூடனும் PALM நிறுவனத்தினரால் நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றது. செட்டிக்குளம் சார்ந்த பிரதேசம் அதிக வறுமைக்குட்பட்ட மக்களையூம் மேட்டு நிலப்பரப்பையும் கொண்ட ஒரு உலர் வலய பிரதேசமாகும். கடந்த 25 வருடங்களாக இங்கு நீர் வளம் படிப்படியாக குறைய தொடங்கியது. நீர் சேமிப்பிற்காக எமது முன்னோர்களால் வெட்டப்பட்ட சிறு சிறு குளங்கள் காடுகளாகவும் மண்மேடுகளாகவும் மாறிப்போயின. அதிக கிணறுகள் பராறிப்பாரின்றி தூர்ந்து போயுள்ளன. இங்கு வாழ்ந்த மக்கள் அயல் நாடுகளிலும் அயல் மாவட்டங்களிலும் நகர்ப்புரங்களிலும் குடியேறினார்கள். இவை எமது பிரதேசத்தில் யுத்தம் நடாத்திய கோர தாண்டவத்தின் விளைவுகள் இதனால் எமது மக்களிடம் பரிபோன சொத்துக்களில் நீர் வளமும் ஒன்று. மீண்டு வந்த மக்கள் வாழ்வாதரமாக விவசாயத்தை செய்ய தொடங்கினார்கள். விளைச்சலை அதிகம் பெறுவதற்காக இரசாயன உரங்களையும்.நஞ்சு மருந்துகளையும் அள்ளி வீசத் தொடங்கினார்கள் .இதன் விளைவு வவுனியா மாவட்டத்தில் அதிக சிறுநீரக நோயாளர்கள் உருவாகினர், அதிலும் அதிக சிறுநீரக நோயாளர்களை கொண்ட பிரதேசமாக செட்டிக்குளம் அடையாளப்படுத்தப்படுத்தப்பட்டது.. கடந்த வருடங்களில் நீர் ஒரு வியாபாரமானது ஆரம்ப காலங்களில் 5ரூபாவிற்க்கு விற்கப்பட்ட ஒரு லீற்றர் குடிநீர் காலப்போக்கில் 3ரூபா மற்றும் 2ரூபாவாக குறைவடைந்துள்ளது. காரணம் குடிநீர் விற்பனையாளார்களின் அதிகரிப்பு ஆகும். திரு. அரிராமகுமார் திருமணத்திற்க்கு பின்னரான (சுமார் 15 வருடங்களாக) காலப்பகுதியிலிருந்து குருக்கள் புதுக்குளம்.எருக்கலம்கல் கிராமத்தில் வசித்து வருகிறார். கிராமத்தின் மொத்த குடும்பங்கள் 333 இதில் தெரிவு செய்யப்பட்ட திட்டப்பயனாளிகள் 114, அதில் ஆண்கள் 223.பெணகள் 239. சிறுநீரக நோயாளார்கள் 27. விசேடதேவைக்கு உட்பட்டோர் 26. பெண் தலைமைத்துவ குடும்பம் 21. இவர் நான்கு பெண் பிள்ளைகள் மற்றும் ஒரு ஆண் பிள்ளை என 5 பிள்ளைகளைக் கொண்ட குடும்பத்தலைவராவார்.. ஆரம்ப காலங்களில் வீட்டுக்கிணற்றிலிருந்தே குடி நீரை பெற்றுக்கொண்ட இவர் கடந்த 5 வருடங்களாக தனது வீட்டிலிருந்து 2 Km ( சென்று வர 4 Km) தூரம் சைக்கிளில் சென்று குடிப்பதற்கான நீரை பெற்று வந்துள்ளார்.இரண்டு நாளுக்கு ஒரு தடைவை இவ்வாறு செல்ல வேண்டிய நிலை இருந்து வந்தது அவ்வாறான நிலையிலேயே தான் இவர் ஒரு சிறுநீரக நோயாளியெனவும் அடையாளங்காணப்பட்டார். அதனால் சுத்திகரிக்கப்பட்ட நீரையே குடிக்க வேண்டுமேன வைத்தியர்கள் கண்டிப்பாக கூறிவிட அவர் தினமும் இரண்டு மணிநேரம் குடி நீருக்காக செலவிட வேண்டிய நிலை ஏற்பட்டதுடன் மாதமொன்றுக்கு 500 ரூபா வரை பணமும் செலவாகியமை குறிப்பிடத்தக்கது. இவர் ஒரு விவசாயி அத்தோடு கால்நடை வளர்பையும் மேற்கொண்டு வருகின்றார். இவற்றில் வரும் வருமானத்தில் மட்டுமே தனது குடும்ப செலவுகளை கொண்டு நடாத்த வேண்டியிருந்தது. இந்நிலையில் ஒவ்வொரு நாளும் இவ்வாறு நீருக்காக அலைவது கஷ்டமாகவே இருந்து வந்தது. இந்நிலையில் தான் இக் கிராமத்தில் குளங்கள் கிராமங்களின் மறுமலர்ச்சி திட்டமானது PALM நிறுவனத்தினால் அறிமுகப்படுத்தப்பட்டது. அதில் சிறுநீரக நோயாளர்களுக்கு முன்னுரிமை வழங்கப்பட்டது. இவர் ஒரு சிறுநீரக நோயாளர் என்பதனால் இவருக்கும் மழை நீர் சேகரிப்பு தாங்கித்தொகுதி ஒன்று வழங்கப்பட்டதுடன் அவற்றை பயன்படுத்தும் முறைகள் சுத்தமாக எவ்வாறு வைத்திருப்பது போன்றவை தொடர்பாகவும் அறிவூறுத்தப்பட்டு தொடர்ச்சியாக கண்காணிக்கப்பட்டு வந்தது. அதனால் கடந்த ஆறு மாத காலமாக மழை நீரையே குடி நீராக பயன்படுத்தி வருவதாக இவர் குறிப்படுகின்றார். இதனால் தனக்கு நேரம் மற்றும் உடற்கஸ்டம் போன்றவையோடு முக்கியமாக பணமும் மீதமாகி இருக்கிது என்கின்றார். நீருக்காக மாதம் 500 x 6 மாதம் -3000 ரூபா மீதமாகியூள்ளது. மனதளவிலும் நிம்மதியாக இருப்பதோடு நீருக்காக செலவிட்ட பணத்தையூம் நேரத்தையூம் தன்னுடைய கால்நடைகளுக்காக செலவிடக் கூடியதாக உள்ளது என்கின்றார். இக் கிராமத்தில் அவரைப்போன்ற 31 நோயாளர்கள் காணப்படுகின்றனர் அவர்களும் மழை நீரை அருந்துவதால் மகிழ்ச்சியாகவூம் தமக்கான குடி நீரை தாமே நேரடியாக பெற்றுக்கொள்வதால் நிம்மதியாகவூம் உள்ளர்.அத்தோடு மாறிவரும் காலநிலையின் காரணமாக நீர் வளத்தை நாம் இழந்து வருவதாகவும் அக்கால நிலைக்கு முகம் கொடுக்கும் வகையிலும் தமக்கு இத்திட்டம் வரபிரசாதமாக அமைந்துள்ளதுதெனவும் கூறுகின்றார். ஏனைய குடி நீரை விட மழை நீரே குடிப்பதற்க்கு மிகவம் உகந்தது என்பதனை அறிந்துள்ளதோடு திட்டதுடன் இணைந்ததின் ஊடாக ஏனைய அரச நிறுவனங்களிலுடான தொர்பும் இவருக்கு ஏற்பட்டுள்ளது. உதாரணமாக சமூக நீர் வழங்கல் சபை மற்றும் தேசிய நீர் வழங்கல் அதிகார சபை போன்றனவாகும். குடிநீர் சார்ந்த விழிப்புர்வை பெற்று மாறிவரும் காலநிலையை ஏற்று அதற்க்கு ஈடுகொடுக்கும் வகையில் தம்மை மாற்றிக்கொண்டுள்ளார்கள். 2025 ம் ஆண்டுகாலப்பகுதியில் எவ்வகையான சாதக நிலைப்பேற்றினை எதிர்ப்பார்கலாம். இவரது குடும்பத்தினா; அனைவரும் மழை நீரை குடி நீராக பாவிப்பதன் ஊடாக நீர் சார்ந்த நோய்களின்றி மகிழ்வாக வாழ்வதுடன் குடி நீருக்கான செலவு மீதப்படுத்தப்பட்டு அப்பணத்தினை வேறொரு தேவைக்காக பயன்படுத்துவார்கள். அத்தோடு மழைநீர் வீண்விரயமாவதும் கட்டுப்படுத்தப்படுகின்றது. K. விஐயகுமாரி சமூக ஆர்வளர் CRIWMPPALM C.D.S.C.G.Ltd.
දොඩම් වගාවෙන් විශ්‍රාම වැටුපක්
ඩබ්. එම්. ආර්. කිරා මහතා. රඹකනයාගම. නවගත්තේගම. පුත්තලම “මම නවගත්තේගම සමුපකාර ඉන්ධන පිරවුම්හලේ රාත්‍රි ආරක්ෂාව බාරව වැඩකලේ. පසුගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගියා. ඒ දවස් වල මට පොඩි බයක් තිබුනා මගේ ආදායම සම්බන්ධව. මගේ ආදායම නැති වෙලා මම අසරණ වෙයි කියල . අද මට එහෙම බයක් නැහැ. මම පළමු අස්වැනෙන් රුපියල් පනස් දාහක් හොයාගත්තා . හැම ගහක්ම 100%ක් ඵල හටගත්තේ නෑ. අස්වැන්න ලැබුනේ ගස් වලින් 50%ක පමණ. මට විස්වාසයි ලබන අවුරුද්දේ කන්න දෙකක්කදි රැපියල් ලක්ෂ දෙක තුනක් හොයාගන්න පුළුවන් වෙයි කියල. මොකද මම මගේ ගෙවත්තේ අක්කර ½ක පැල 200ක්ම හිටවල තියෙනවා.” “මේ වැස්සට දැන් ආයෙත් මල් පිපිලා.” “වියලි කාලයේ ගල්ලෑව වැව හිදුනම වැව හරහා ඇවිත් වන අලි ගම් වදිනවා. මගේ ගෙවත්ත තියෙන්නේ වැව් කටේ. ඒ දවස්වල එක රැයකින් මගේ කෙසෙල් පොල් වගාව අලිය විනාශ කරල දානව. දැන්මට ඉස්සර වගේ වගාව පරිස්සම් කරන්න කියල මහන්සි වෙන්න දේකුත් නෑ. මොකද අලිය දෙහි දොඩම් පැගිරි ශාක වලට කැමති නෑ.” වාර්තා සටහන හේමන්ත අබේවර්ධන සම්බන්ධිකාරක (CSA) වැව්ගම් පුබුදුව – SAPSRI
ලක්ෂපතියන් බිහි කරන ගෙවත්තේ දොඩම් වගාව
ඩබ්.එම්.ඒ සෝමලතා මහත්මිය සමෘද්ධි මාවත , මහමැද්දාව, නවගත්තේගම “ජලය හිග කාලයේදී ගම් වදින වන අලි මහමැද්දාව වැවෙන් වතුර බීලා කෙලින්ම අපේ ඉඩම් වලට කඩා වැදිල එක රැයකින්ම වගාව විනාශකරල දාපු කාලයක් තිබුනා. ඉතිං අපි වගාව අත් හැරියා. ඊට පස්සේ ඒ ඉඩම් ලදු කැලෑ උනා. අපේ දුප්පත් කමට අපි ජීවත් උනේ කුලියට වැඩකරල. නැත්තම් කැලේ ගිිහින් කරපිංචා කඩල ගෙනත් විකුණලා. අපි වගාව අත්හැරියා. වැව්ගම් පුබුදුව ව්‍යපෘතිය යටතේ අපි ගෙවතු වගාව ආරම්භකලා.අපි අපේ ගැටළු හදුනාගත්තා. ඒවාට අපි ලග ඇති විසදුම් අත්දැකීම් භාවිතා කලා. ඒ වැඩසටහනත් එක්කම අපි මුහුණ දෙන වන අලි ගැටළුවට උත්තරයක් වෙන්න වැව දෙසට ඇති කොටසේ අපි දොඩම් වගාව ආරම්භ කලා. මායිමට දෙහි වැටකුත් අපි ඇතිකලා. දැන් අලියා ආවාට විනාශ කරන්න බෝගයක් නෑ. මොකද අලිය දොඩම් පැගිරි වලට කැමති නෑ. අපි මේ බව දැනගෙන හිටියට අපිට මෙහෙම වගාවක් කරන්න ශක්තියක් තිබුනේ නෑ. ඒ තරමටම අපි අසරණ වෙලා තිබුනේ. වැව්ගම් පුබුදුව ව්‍යපාතිය මගින් අපිට ජලය පාලනය කරගෙන භාවිතා කරන්න පහසුකම් එක්ක දැනුමත් ලැබුනා. අපි සැළසුම්කලා අවුරුදු 05ක් ඇතුලත ලක්ෂ 05ක් ආදායම් ඉලක්කයක් ලබා ගන්න. ඒ සදහා අපි වෙනත් ආර්ථික කෙසෙල් කටු අනෝදා පළතුරු බෝග පොල් වගා කළා. ” “අක්කර භාගයක බද්ධ දොඩම් පැල 200ක් සාර්ථකව වගා කරල තියෙනවා. අවුරුදු 03කට පමණ පසු මම දොඩම් වගාවේ පළමු අස්වැන්න පසුගිය කන්නයේ ලබාගත්තා. ආදායම රුපියල් 30000ක් පමණ ගන්න පුළුවන් උනා. ඒ අත්දැකීමක් එක්ක මට අපේ ගෙවත්තෙන් පැල 200න් අවම ගෙඩි 100ක් ගත්තත් ගස් 200කින් ගෙඩි 20000ක අස්වැන්න ගන්න පුළුවන් . අවුරුද්දකට වගා කන්න දෙකකදි ගෙඩි 40000ක් ගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයට ගෙඩියක් රු.10ක් දුන්නත් වර්ෂයකදි රුපියල් 400000.00ක් උපයන්න පුළුවන් මම දැන් මගේ වත්තේ ඉඩකඩ තිබෙන කොසේ දිවුල් පැල වගා කරල ඒවාට දොඩම් අංකුර බද්ධ කරනවා. බද්ධ කරන්නෙත් කරන්නෙත් මමමයි. මට දැන් බද්ධ කිරීමත් සාර්ථකව කරන්න පුළුවන්. මගේ වත්තේ මම බද්ධ කරපු දොඩම් ගහක් තියෙනවා. ඒ ගහෙන් මම ගෙඩි 300ක් -400ක් පමණ කඩනවා. මේ අත්දැකීමත් එක්ක මට මගේ වගාව පිළිබදව ලොකු බලා පොරොත්තුවක් තියෙනවා.” වාර්තා සටහන හේමන්ත අබේවර්ධන සම්බන්ධිකාරක (CSA) වැව්ගම් පුබුදුව – SAPSRI
වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය පිළිබඳ එතුමාගේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති,ලංකාවේ පමණක් දක්නට ලැබෙන මෙරටටම ආවේනික,සුවිශේෂ ඉපැරණි වාරි ජල කළමනාකරණ ක්‍රමයක් ලෙස සැලකෙන එල්ලංගා පද්ධති නැවත මතුකර ඒවා ප්‍රතිසංස්කරණය කර ඇතිවන දේශගුණික විපර්යාසයන්ට වියලි කලාපයේ ගොවි ජනතාවට මුහුණ දිය හැකිවන අන්දමට එම එල්ලංග පද්ධති ප්‍රයෝජනයට යොමු කරවීම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණකි.ඊට සමගාමීව මල්වතු ඔය මීය හා යාන් ඔය ගංගා ද්‍රෝණි ආශ්රිත උතුර උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්ක හතක එල්ලංගා පද්ධති විසි හතරක් කේන්ද්‍ර කර ගනිමින් වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට වැඩි අවධානයක් යොමු කරමින්,විශේෂයෙන්ම කුළු වැව් සම්බන්ධව එතුමා කතාබහ කර ඇත.2017 වසරේ ආරම්භ කළ වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය මේ වන විට අවසාන අදියරට පැමිණ ඇත.