නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු

මිනිස් සමාජය තුළ මුදලින් මැනිය නොහැකි තරම් උපරිම වටිනාකමක් දරුවෙකුට ලැබී ඇත. ළමයෙකුට මෙතරම් වටිනාකමක් ලැබී ඇත්තේ දරුවා තවත් එක් මිනිස් පරම්පරාවක ආරම්භය වන නිසාය.දරුවන් යනු මැටි ගුලියකි.මැටි ගුලියකට අලංකාර කැටයම් ඔබ්බවා ගත් විට එය සුන්දර නිර්මාණයක් බවට පත් වනු ඇත.කුඩා දරුවන් හට ද ගුණයහපත්කම් මෙන්ම ලැබෙන බාහිර සාධක මත යහපත් පුරවැසියෙකු වීමේ අඩිතාලම වැටෙයි.දෙමව්පියන්ගෙන් පසු ඔවුන් ජීවිතයේ පළමු සමාජ ඇසුර ලබන්නේ පාසල තුළ දී ය.ඔවුන් හට නිසි අධ්‍යාපනයක් මෙන් ම සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සැකසීම කාගෙත් යුතුකමකි.සෞඛ්‍ය සම්පන්න බව ගතහොත් බොහෝ පාසල්හි පානීය ජල ගැටළුව දක්නට ලැබේ.වියළි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හොරොව්පොතාන ග්‍රාමය ද යනු පානීය ජලය නොමැතිව නිතර පිඩාවන්ට ලක්වන ප්‍රජාවන් සහ දරුවන් වෙසෙන පෙදෙසකි.පානයට සුදුසු නැති ජල පරිහරණය නිසා වකුගඩු වැනි නොයෙකුත් සෞඛ්‍ය ගැටලු දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ, ඔවුන්ගේ කර්කශ වූ ජන ජීවිතය තව තවත් පහළට ඇද දමමිනි.පානයට සුදුසු වන ජලය සපයා ගැනීමට නොහැකි වීම ළමා, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේම සෞඛ්‍යයට දැඩි තර්ජනයකි.කුඩා දරුවන් යනු රටට සම්පතකි, ඔවුන් රටේ අනාගතයයි, රටේ ජීවනාලිය බඳු දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව අරක්ෂා කිරීම අපගේ පරම යුතුකමක් සේම වගකීමක්ද වේ.වියළි කලාපයේ පාසල් දරුවන්ට පිරිසිදු ජලය ලබා ගැනිම දුෂ්කර ය. එම නිසාවෙනි නොයෙකුත් සෙෘඛ්‍ය ගැටළුවලට මුහුණ පාන්නට සිදු ව ඇත.ජලයෙහි ඇති මලකඩ නිසා මෙම ජලය පානය කිරිමෙන් දත් වල මැලියම් බැදී ඇත.එමෙන් ම බොහෝ දරුවන්ගේ දෙමාපියන් වකුගඩු රෝගීන් ය. ඒ තත්ව හමුවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පවා කතර වී ඇත.අප ව්‍යාපෘතිය වන හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් පානීය ජල ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි.අපගේ අරමුණ වන්නේ පීඩා විදින ඔවුන්ගේ ජල පිපාසය සංසිදුවාලීම ය.එසේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය කිහිපයක් අතුරින්, සාර්ථක මට්ටමට පත් වූ එක් අවස්ථාවක් ලෙස මෙම පීඩා විදින දරුවන් අධ්‍යාපනය ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන කඳුගොල්ලෑව ඉහළ දිවුල්වැව විද්‍යාලය උග්‍ර ලෙස පානීය ජල ගැටලුවට මුහුණ දෙන ප්‍රාථමික විදුහලකි.පුංචි දරුවන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දිම වස් අප ව්‍යාපෘතිය විසින් ජල පෙරහන් පද්ධතියක් මෙම පාසලට ලබා දීමට කටයුතු කරන ලදී. ජල පෙරහන් පද්ධතිය ලබා දිම නිසා පුංචි පැටවුන් හට පිරිසිදු ජල පොදක් ලබා දිමට අපට හැකියාව ලැබීම මේ නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු වලට මහත් අස්වැසිල්ලකි. Related Content

ජීවිතයට සිසිලසක්

ජීවයේ පැවැත්ම සඳහා මෙන් ම මිනිසාගේ විවිධාකාර වු අවශ්‍යතා සපුරා ගැනීමට ජලය අත්‍යවශ්‍යය. විද්‍යාඥයන් පවසන පරිදි පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක් පිරී ඇත්තේ ජලයෙනි.ඉන් වැඩි ප්‍රතිශතයක් පවතින්නේ සාගර ජලයයි.අද වන විට මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට තරම්වත් පිරිසිදු ජලය සොයා ගැනීම අසීරු කාර්යයක් විි ඇත.ලංකාවේ වියළි කලාපය ගත් විට පානීය ජල ගැටළුව උත්සන්න වි ඇත.මන්නාරම් දිස්ත්‍රික්කය යනු පානීය ජලය සපයා ගැනීමට ඉතාමත් අපහසු ප්‍රදේශයකි.එයට හේතුව පානීය ජල මුලාශ්‍ර නොමැතිවීම හා තිබෙන මූලාශ්‍ර වල භූ විෂමතා ලක්ෂන හා දේශගුණික හේතුන් මත ජලය බොහෝවිට බීමට සුදුසු තත්වයේ නොමැති වීමයි.උග්‍ර පානීට ජල හිඟය නිසාවෙන් සහ පිරිසිදු ජලය සොයා ගත නොහැකි නිසාවෙන් මන්නාරමේ ජිවත් වන බොහෝ මිනිසුන් වකුගඩු රෝගීන් බවට පත් වී හමාරය.ඇතැම් පවුල් වල එක් සාමාජිකයෙකු හැරෙන්නට සෙසු සාමාජිකයන් සියල්ලම පාහේ මෙම රෝගයේ ගොදුරක් බවට පත් වී ඇත.මෙවැනි තත්වයක් හමුවේ හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය වියළි කලාප කාන්තාවන් සවි බලගැන්වීම යටතේ වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කරමින් තිබෙන ව්‍යාපෘතියකි.ඒ අතරින් මන්නාරම් දිස්ත්‍රික්කයේ තෝරාගත් එල්ලංගා පද්ධති තුළ පානිය ජල ගැටළුව සහ අවදානම් කණ්ඩායම් සහිත ගෘහයන් ඉලක්ක කරගනිම්න් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාන්විතයේදී කාන්තා මූලික ගෘහයන් හා වකුගඩු රෝගය හෝ අබාධිත පුද්ගලයන් සහිත ගෘහයන් මූලික කරගමින් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතා ව සපුරාලීමට අවශ්‍ය කටයුතු සිදු කරයි.මන්නාරමි දිස්ත්‍රික්කයේ පෙරියපණ්ඩිවිරිච්න් ග්‍රාමයේ ඩිලේස් කිල්ඩා මහත්මිය ප්‍රතිලාභීයෙකු ලෙස තෝරා ගනිමින් පානීය ජල ගැටළුවට විසදුම් ලෙස අවශ්‍ය ජල ටැංකියක් හා අවශ්‍ය පුහුණුව හා දැනුම ලබා දීම සිදු කෙරිණි.මෙහි දී ඔවුන්ගේ පානීය ජල ගැටලුව නිරාකරණය කර දීමත් මෙන් ම ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත සහෝදරයාගේ ජීවිකාව ගෙනයාමට නිසි ආදායම් මාර්ගයක් සකසා දීම සඳහා ඇයට ගෙවතු වගා ක්‍රමය හදුන්වා දී පළතුරු පැල වර්ග ලබා දී අවශ්‍ය මනා පුහුණුවක්, තාක්‍ෂණික දැනුම සහ උපකරණ ලබා දීමත් මඟින් ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතාවය මෙන් ම ආර්ථික මට්ටමද ස්ථාවරත්වයකට ගොඩ නංවාලීම මඟින් වියළී ගොස් තිබුණු ඔවුන්ගේ ජීවිතවලට සිසිලක් ගෙන දීමට අපය හැකියාව ලැබිණි. Related Content

සුවඳ කැකුළු මල්…….රැක ගමු හැම කල්…

රටේ අනාගත දරුපරපුර නිරෝගිමත් පිරිසක් වනු දැකීම අප කාගේත් සිහිනයයි.මක්නිසාද යත් අනාගත ලෝකයේ අයිතිකරුවන් වන්නේ ඔවුන් ය.වර්තමානය වන විට සෞඛ්‍ය ගැටළු නිසාවෙන් දරුණු රෝගයන් ට ගොදුරු වන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ ය.පිරිසිදු ජලය භාවිත නොකිරීම එ අතුරින් ඉදිරියෙන් ඇති ගැටළුවකි.සාමාන්‍ය පුද්ගලයෙකු දෛනිකව පානය කළ යුතු ජල ලීටර ප්‍රමාණය ලිටර 6ක්වත් විය යුතුයැයි පිළිගැනීමයි. එය පුද්ගලයාගේ ශරීරයේ බර අනුව වෙනස් විය හැකිය. ගැටලුව නම් ශරීරයට අවශ්‍ය මෙම ජල අවශ්‍යතාවය සැමට සුදුසු ආකාරයෙන් ලැබෙනවාද යන්නයි. මෙම ගැටලුවට හුදෙක්ම මුහුණ දෙන්නේ වියළි කලාපය තුළ වෙසෙන්නන්ය.ජලය සපයා ගැනීමට අවශ්‍ය ජල මූලාශ නොමැති වීමත් නිසාවෙන් පිරිසිදු ජල භාවිතය අවම වීමේ හේතුව නිසාම ඔවුන් දරුණු ලෙස වකුගඩු ආදී රෝගවලින් නිතර පිඩා විඳිනු ලබති. මෙම වකුගඩු රෝගී තත්වයන්ට කුඩා දරුවන් ද ගොදුරු වෙමින් පවතින මෙවන් වකවානුවක් තුළ ඔවුන් එම තත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් හැකි ආකාරයට , ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් කටයුතු කරනු ලැබ ඇත.ඒ අතුරින් පානීය ජල අවශ්‍යතාවය නිසි අයුරුන් සළසා ගත නොහැකි පාසල් තෝරා ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීම සිදු කරයි.එහි එක් පියවරක් ලෙස වියළි කලාපයේ වව්නියාව දිස්ත්‍රික්කයේ ධර්මපාල විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළ අතර එමඟින් එම පාසලේ අධ්‍යාපනය ලබන දුවා දරුවන් ට දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අත්වැලක් සැපයීමට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය අපට හැකියාව ලැබිණි. Related Content

දිරිය ගැහැණුන් සොයා…

කාන්තාව සමාජයේ විවිධ භූමිකාවන්හි කටයුතු කරයි.ගැහැණිය සතුව පවතින දරා ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මකව මෙන්ම ඇය වෙත පැවරී ඇති මෙම කාර්යයභාරය අනුව ද ඇය පිරිමියාට වඩා ඉදිරියෙන් සිටී. සංස්කෘතිය හා සමාජ රාමුවට කොටු වී සිට සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගොස් වර්තමාන වන විට කාන්තාව පිරිමින් සමඟ උරෙනුර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයන පිරිසක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.සමාජයම ය පෞරුෂය නියෝජනය පැත්තෙන් කිසිදු සාධාරණ ඉඩකඩක් කාන්තාවට නොලැබුණ ද ඇය ඇඟේ කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන අතරම විවිධ සමාජ තලයන් හි විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් තම පවුලේ අනාගත දියුණුව උන්නතිය උදෙසා මෙන්ම පොදුවේ රටේ සංවර්ධනය කාර්යය උදෙසා ලබා දෙන ශ්‍රම දායකත්වය සුළුපටු නොවේ.රැකියා අවස්ථා නිර්මාණයේදී ද, විශ්ව විද්‍යාල අධ්‍යාපනය,රෝහලක් ගතහොත් වෛද්‍ය ක්ෂේත්‍රය, ගුරු වෘත්තිය, ඇඟලුම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රයන් හි වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවයි.එසේත් නොමැති නම් රටක නිෂ්පාදන කාර්යයේදී කාන්තා නියෝජනය ඉතාමත් ඉහළ ය. මෑත කාලය ගත් විට දේශගුණික විපර්යාසයන් නිසා ලාංකීය කෘෂිකර්මාන්තය උග්‍ර ගැටළු රැසකට මුහුණ දෙන අතර එය රටේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම ආහාර අවශ්‍යතාවයට ද බලපෑම් කරයි.වියළි කලාපයේ කාන්තාව දේශගුණික විපර්යාසයන් නිසා දැඩි ලෙස පීඩා විදියි.වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ සිදී යාම නිසාවෙන් තම වගාවන් සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම පවා ඔවුන්ට අසීරු ක්‍රියාවකි. වන්නි යන වචනය ඇසු පමණින්ම සිහියට නැගෙන්නේ ඉතාමත් කර්කෂක වියළි පාරිසරික තත්වයකි. නමුත් සැබෑ ලෙසම ඓතිහාසික කරුණු විමසු විට වන්නි හත්පත්තුව අතීත රාජධානියේ හඳුන්වා ඇත්තේ මලින් පිරි, ඵලින් බර, බත බුලතින් සපිරි වර්ණවත්ව පැවතුණු ප්‍රදේශයක් බවටයි. නමුත් දශක ගණනාවක සිට මෙම ඉඩම් විවිධ හේතූන් මත විශේෂයෙන් යුධමය තත්වයන් මත ඉඩම් භාවිත නොකරීම නිසා සහ වගා රටාවන් නිසා වර්තමානය වන විට මෙම ප්‍රදේශය වියළි භූමියක් බවට පත්ව තිබේ. නමුත් හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් දේශගුණික සුහුරු කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ පාරිසරික ගොවිතැන් සමඟ මෙම ප්‍රදේශය ඉතිහාසයේ සඳහන් පරිදි නැවත වර්ණවත් ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා “වන්නි Green” යන සංකල්පය ආරම්භ කෙරිණි.එහි දී ප්‍රදේශයේ කාන්තාවන්ගේ ශක්තියෙන් වගා කටයුතු ආරම්භ කෙරෙණි.තම අස්වනු පාරිබෝගිකයා හට විකුණා ගැනීම සඳහා වෙළදපොළක් නිර්මාණය කළ අතර එමඟින් අස්වනු සහ වෙනත් නිපැයුම් පාරිබෝගිකා හට සෘජුව ම අලෙවි කර ගැනීමට අවස්ථාව ඔවුන්ට හිමි වේ.ගොඩ නැගුණු මෙම සංකල්පය වියළිව තිබූ පාරසරික පද්ධතිය නැවත වර්ණවත් දේශයක් බවට පරිවර්තනය කිරීමට දායක වුවේ දිරිය කතුන් යන හැඟීම පාරිභෝගිකයන් අතරට ගෙන ඒමටත්, මෙහි වගා කටයුතුවල නිරත සුළු පරිමාණ ගොවීන්ට දිරියක් ශක්තියක් ගෙන ඒමටත් මෙම “වන්නි Green” සන්නාමය වඩාත් ඉවහල් වනු ඇති බව නොඅනුමානය. Related Content

කෙතෙන් කෙතට යන නූතන තාක්ෂණය 

මානවයාගේ පරිණාමයේ සිදුවූ යුග මාරුවෙන් මිනිසා ගොවි යුගයට පැමිණීමත් සමග කෘෂිකර්මාන්තයේ මූලාරම්භය සිදු විය.ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල කෘෂිකර්මාන්තය හා ආර්ථිකය රදා පවතින්නේ සහල් නිෂ්පාදනය මත ය.ඔවුන්ගේ ප්‍රධාන ආහාර බෝගය ද වන්නේ වී ශාකයයි.ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කළාපයේ බහුල වශයෙන් වී වගාව සිදු කරන අතර එහි භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර 807,763 ක් පමණ වේ.වර්ෂාපතනය සහ සෘතු රටාව මත සාමාන්‍යයෙන් වසරකට දෙවරක් වී වගාව සිදු කරයි. වී වගාව ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය බෝගය වුවද අදවන විට සහල් ආනනය කිරීම දක්වා අර්බුදකාරී තත්වයකට පත්වී ඇත.එයට හේතු සාධක කිහිපයකි.ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇතිවන ආර්ථික තත්ත්වයන් නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම හා යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ. මෙම සාධක මෙන් ම දේශගුණික විපර්යාසයන් ද වී වගාවට කන කොකා හැඬීමට ප්‍රධාන හේතුවකි.ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් හා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ. වර්ෂාව නිසා සිදු වන බලපෑම එකිනෙකාට සාපේක්ෂව වෙනස් ය.නිරන්තරයෙන් වැසි ඇදහැළෙන ප්‍රදේශවල ජනතාවට වර්ෂාව යනු ජීවිත සෝදා පාළුවට ලක් කරන්නක් විය හැකි ය.නමුත් වියළි කලාපයේ මිනිස්සුන්ට වර්ෂාව යනු ආශිර්වාදයකි.ඔවුන් මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී වගාව සිදු කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම, ජලය සිඳීයාම වගා විනාශ වීම සිදු වේ.නිසි ජල කළමණාකරන දැනුමක් ඔවුන් සතු නොවේ.මෙම අර්බුධකාරී තත්වයන් හේතු කරගනිමින් හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වී වගාව බහුල ව සිදු කරන වියළි කලාපයේ මිනිසුන් හා අත්වැල් බැඳ ගනිමින් ලෝකයේ භාවිත කරන නව තාක්ෂණය හා දැනුම ඔවුන් වෙත ගෙන යයි. ලේසර් ලෙවල් (Laser leveling ) තාක්ෂණය භුමිය සකස් කිරීම සඳහා අද වන විට ලෝකයේ පවතින දියුණු තාක්ෂණික ක්‍රමවේදයයි. වියළී කලාපය යනු ගොවීන් නිරන්තරයෙන් දේශගුණික විපර්යාසයන් හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන පළාතකි.කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම ඔවුන් මුහුණ දෙන සුලබ ගැටළුවකි. ලේසර් ලෙවලින් (Laser leveling ) වැනි තාක්ෂණය උපයෝගී කරගැනීම මගින් අපි බලාපොරොත්තු වන්නේ ද වී වගාව සඳහා වැය වන ජල ප්‍රමාණය කළමනාකරණය සිදු කිරීමයි. ව්‍යාපෘතිය මඟින් තවත් තාක්ෂණ ක්‍රමයක් ලෙස ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය ( Alternative Wetting and Dying ) හදුන්වා දෙයි.මෙම තාක්ෂණය ක්‍රමයන් මඟින් ඉතා පහසුවෙන් ජල කළමනාකරණය සිදු කර ගත හැකි අතර මෙමඟින් ගොවියාට වාසි රැසක් අත්කර දීම අපගේ අරමුණයි. වැව්ගම් පුබුදුව වැඩසටහන මඟින් අප සෑමවිටම උත්සහ කරන්නේ ගොවියාට හුරු ගොවිතැන දේශගුණික සුහුරු ගොවිතැනක් බවට පත් කිරීමට ය.රටට බත සපයන්නේ ගොවියාය.ගොවියා නොසිටින්න මනුෂ්‍යයන් වූ අපටත් පන කෙන්ද රැක ගත නොහැකි ය.ගොවියා සාර්ථක ගොවිතැනකට යන්නේ මානසික වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වුවහොත් පමණි. අප සෑමවිටම සිදු මෙවලම් හා දැනුම දේශීය වගා භූමිය තුළට රැගෙන ගොස් තෘප්තිමත් ගොවියෙක් සහ තෘප්තිමත් කෘෂිකර්මාන්තයක් ගොඩ නැඟිම රටෙහි ආර්ථිකයේ නව පුනුරුදයක් ආරම්භ වීම ට සඵලදායි හේතුවක් වීම නොඅනුමාන ය. Related Content

අභියෝග මැද ඵලදායී ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙත් අනුගමනය

හැඳින්වීම වර්තමාන අපේ රට මුහුණ පා සිටින ආර්ථික, දේශපාලනික හා සාමාජයීය අභියෝගකාරී වාතාවරණය මධ්‍යයයේ වුවද එම අභියෝගවල බලපෑම අවම කරගනිමින් “වැව්ගම් පුබුදුව”  ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වෙත සැලසුම් කර ඇති  පරිදි ප්‍රතිලාභ ලඟාකරදීම සඳහා ප්‍රායෝගික ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම කාලින අවශ්‍යතාවයක් වේ. මෙහිදී රටේ නිෂ්පාදන ක්‍රියාදාමය සඳහා කාලීනව ඉතාමත් අත්‍යාවශය  කෘෂිකාර්මික, අහාර සුරක්ෂිතතාවට අදාලව ඉතා වැදගත් ප්‍රයෝගික ප්‍රතිලාභ අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් එවැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඉතා වැදගත් වේ. වර්තමානයේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු   ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාලව වර්තමාන අභියෝග හමුවේ ගැටළු රාශියක් පවතින නමුත් ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතියට අදාලව පහත පරිදි හඳුනාගත හැක. අ)   අමුද්‍රව්‍ය මිල කෙටි කාල පරාසයක් තුළ අධික ලෙස උච්ඡාවචනය වීම. ආ)   ඉන්ධන ඌනතාවය හා එම සැපයුම්ජාල අඛණ්ඩව ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලු පැවතීම. එමෙන්ම     ඉන්ධන මිල කෙටි කාල පරාසයක් තුළ අධික ලෙස උච්ඡාවචනය වීම. ඇ) ඉහත “අ හා ආ” හේතු හා ඊට අදාල අනෙකුත් කරුණු මත ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් සියලු සේවා         වියදම් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැවතීම. ඈ) ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාල සියලු ශ්‍රමික (නිපුණැති / කම්කරු ආදී ) හිඟතාව හා ඔවුනට අදාල ගෙවීම   ඉහළ යාම. ගැටළු නිරාකරණය සඳහා අනුගමනය කළ හැකි ප්‍රායෝගික  ක්‍රියාමාර්ග : ඉහත දක්වා ඇති ගැටළු ඉතා සංකීර්ණ හා අභියෝගකාරී වන නමුත් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නියමිත කාල රාමුවක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රයෝගික ක්‍රියා මාර්ග ඉතා වැදගත් වේ.ඒ පිලිබඳ ප්‍රවේශයක් පහත දක්වා ඇති පරිදි ලබා ගත හැක. අ.) පෙර දැක්ම හා සැළසුම් කිරීම( Foresight & Planning ) මෙහිදී සාමාන්‍ය කාල රාමු හා වාතාවරණයන් පිලිබඳ සීමාවලින් ඔබ්බට ගොස් සියලු සාධක සැලකිල්ලට ගනිමින් ප්‍රායෝගික සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍ය ප්‍රසම්පාදාන කාලසටහනකට වඩා කල්වේලා ඇතිව ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම, ප්‍රසම්පාදන කොන්දේසි සඳහා වැඩි නම්‍යතාවයක් සහිත ප්‍රායෝගික කරුණු ඇතුළත් කිරීම , ශ්‍රව්‍ය  දෘෂ්‍ය සියලු මාධ්‍ය භාවිතා කරමින් ඉතා පුළුල් ප්‍රචාරයක් ලබාදීම,ඉදිකිරීම් සංවර්ධන හා පුහුණු ආයතනය  ( CIDA )සමඟ නිරන්තර සබඳතා මගින් ප්‍රසම්පාදන ලියකියවිලි ආශ්‍රිතව ලංසුකරුවන්ට පැනනැඟිය හැකි ගැටලු පිළිබඳ පෙර සාකච්ඡා සිදු කර විසඳුම් අනුගත කිරීම ආදී ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කළ යුතු වේ.  ( ආ ) සන්නිවේදනය හා සම්බන්ධීකරණය  ( Communication & Coordination ) සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළම ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් සියලු පාර්ශව සමඟ මනා සන්නිවේදනයක් හා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙවැනි අභියෝගකාරී කාලසීමාවන් තුළ ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ.. විශේෂයෙන්ම  නිසි සන්නිවේදනය නොමැති වුවහොත් අනවශ්‍ය ප්‍රමාද සිදුවීම, ඉටුකළ යුතු කාර්යය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිවීම, ප්‍රමාණවත් ලංසු ඉදිරිපත් නොවීම වැනි ඵලදායි නොවන ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින් සියලු පාර්ශව මේ පිළිබඳව වැඩි අවධානයකින් ක්‍රියා කළ යුතු වේ. ( ඇ ) නම්‍යතාවය හා සහයෝගිතාවය  ( Flexibility & Cooperation ) මෙවැනි අභියෝගකාරී වාතාවරණයක් තුළ එම ප්‍රායෝගික ගැටලු හා ඊට අනුරූපව එක් එක් පාර්ශව වෙත ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව වඩාත් අවබෝධයකින් සමස්ත ක්‍රියාදාමය තුළ වඩාත් නම්‍යශිලිව හා සහයෝගිතාවයෙන් ක්‍රියා කිරීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. අපගේ ව්‍යාපෘතිය තුළ කොන්ත්‍රාත්කරුවන් සඳහා මෑත කාලයේදී සිමෙන්ති ලබා ගැනීම දුෂ්කර වූ අවස්තාවලදී ව්‍යාපෘතිය මගින් ස්වයංක්‍රියාකාරී  වී සිමෙන්ති නිෂ්පාදන සමාගම්වල සභාපති හා ඉහළ කළමනාකාරිත්වය සමඟ සම්බන්ධීකරණය සිදු කර අවශ්‍ය කොන්ත්‍රාත්කරුවන්ට ඒ ඒ දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය සිදුකර දීමට  ක්‍රියාකිරීම හා මෑත කාලයේදී එම අයුරින්ම ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් ඉදිරි සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම ආරම්භ කිරීම ආදී වශයෙන් මේ සඳහා උදාහරණ දැක්විය හැක. එමෙන්ම ව්‍යාපෘතියේ වාර්ෂික ක‍්‍රියාකාරී සැලැස්ම ( AWP) අනුව මුදලට වටිනාකම ( Value for Money )  හා ඉටුකරනු ලබන කාර්යයන් වල ගුණාත්මක භාවය හාප‍්‍ර‍්‍රමිතිය (Quality assurance )පවත්වාගනිමින්         ව්‍යාපෘතියේ සියලූම ප‍්‍රසම්පාදන කටයුතු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ( UNDP) ප‍්‍රතීතන        නියෝජනය ක‍්‍රියාත්මක සහයෝගිතාව (Implementation support) නිරතුරුවම ප‍්‍රගති සමාලෝචන සාකච්ඡුා හා සම්බන්ධීකරණය සිදු කරමින් වඩාත් නම්‍යශීලී ලෙස ක‍්‍රියා කිරීම මගින් අපේක්ෂිත කාලරාමු ඇතුළත වඩාත් ඉහළ ප‍්‍රතිලාභ ලබාදීමට හැකියාව ලැබී ඇත. ඉහත විස්තරාත්මකව දක්වා ඇති ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ඉතා දුෂ්කර මෙවැනි අර්බුදකාරී වාතාවරණයකදී වුවද ව්‍යාපෘතියේ නියමිත වාර්ෂික කාල රාමුවලට අනුගත වෙමින් ප්‍රසම්පාදන කටයුතු කාර්යක්ෂමව ඉටුකරගෙන යාමට ඉඩ ප්‍රස්තාව සැලසී ඇති අතර ඒ පිලිබඳව  ව්‍යාපෘතියක් ලෙස සියලු පාර්ශ්ව වෙත ගෞරවය හිමි විය යුතුය. මේජර් ජනරාල් රේනක උවත්ත (විශ‍්‍රාමික) ප‍්‍රසම්පාදන විශේෂඥ වැව්ගම් පුබුදුව

CRIWMP – Past, Present & Future

Summary The Climate Resilient Integrated Water Management project is now in its fifth year, and two more years to go. This article briefly explained the past achievement, present scenario, and future of the project. The project has undergone a project restructuring starting on 04th December 2020. However, on 15th September 2021, the GCF Secretariat communicated that the Operations Committee determined that the project’s restructuring proposal is a minor change. With this background, the project is now plaining to resume new activities with an expedited delivery mechanism. This article will explain a) the overall physical and financial progress of the project as of 01 05 2022 and b) the remaining workload of the project for the rest of the project period. For the easiness of the explanation, the remaining workload has been categorized as irrigation, agriculture, drinking water and disaster risk reduction (DRR) subcomponents. Irrigation subcomponent Most of the budget has been allocated to village irrigation systems (VIS) upgrading work, which consists of both upstream and downstream development. Initially, it was planned to carry out upstream work using GCF proceeds and downstream development using GoSL funds. However, the project did not receive GCF proceeds during the restructuring process. However, considering the needs of the smallholder farmers, the Government continued upstream development using Govt co-financing available for the project in 2021 while investing in the downstream work. As of 31 12 2021, the project has completed upgrading the upstream development of 164 VISs. In 2022, the project will complete the upstream work of 108 VISs (58 were initiated in 2021), and the remaining will be completed in 2023. Initially, it was planned to complete both upstream and downstream development works in 2022, but now it spills over to 2023. Therefore, the Government has decided to allocate more human resources to this activity to maintain the required delivery rate. In parallel to the VIS upgrading, the project prepares operation and maintenance plans for each VIS with the respective Farmers’ Organizations. Agriculture subcomponent The project will achieve 520,00 beneficiaries out of the 780,221 (as per restructuring proposal) through the agriculture component (Activity 1.3) and Output 03. These two components are critical to reaching the total number of beneficiaries; The project did not start any new agriculture activities during the restructuring period. Still, it continued to provide agriculture extension services to the selected beneficiaries through the government extension services. Furthermore, the project disseminated agriculture technology packages to 459,024, and 17,893 women farmers adopted CSA technologies from its inception. Despite the ongoing pandemic, these measures have enabled farmers to sustain their agricultural livelihoods amidst extreme weather events. Furthermore, the project has planned to implement an expedited agriculture program in the next monsoon rainy season (MAHA cultivation season), the primary cultivation season of the dry zone farmers in Sri Lanka. Therefore, during the PB meeting held on 05th April 2022, the project decided to allocate more human resources from the Ministry of Irrigation and the RPs to deliver an expedited agriculture programme in the coming seasons. Drinking water subcomponent  Initial plan of the project was to construct 35 new rural water supply schemes (NWSS) to assure year-round access to clean drinking. Anyhow, due to limitations of multiple factors such as scarcity of water resources, need for advanced purification technologies, and scattered distribution of households, the project fund is adequate to complete 07 NWSS using GCF proceeds and two more to be completed using government funds. Once this 09 NWSS are commissioned, the project will be able to assure year-round access to clean drinking water for 3,362 households in Kurunagala, Puttalam, Vavuniya and Anuradapura districts. In addition, the project has so far installed nearly 3,250 number of 5,000L rainwater harvesting systems (PE tanks and installation accessories) to collect rainwater in selected vulnerable households to ensure clean drinking water for a dry spell of the year. Further, the project has provided small, advanced water purification units for selected schools and hospitals in Anuradapura, Kurunagala and Vavuniya districts. During the rest of the period, the project will consolidate its interventions to ensure the sustainability of the project’s benefits. Furthermore, the project has planned a series of training programs for the selected water user organizations so that the beneficiaries can apply the gained knowledge to operate and manage their water supply schemes, rainwater harvesting systems and small advanced water filters. DRR subcomponent Up to date, the project has strengthened the agro-meteorological observation capacity of the Dept of Meteorology by installing 5 Automated Agro Met stations, 10 Automated Rain Gauges and a real-time data transfer mechanism in project river basins. Further, strengthening the hydrometeorological observation network of the Department of Irrigation was supported by installing 23 automated Water Level Recorders in 3 river basins. A data portal and mobile app are available to access project stakeholders’ real-time data on these gauges. The project will support both agencies in conducting operation and maintenance activities and applying gauge readings for advisory generation and application purposes during the remaining project period. Irrespective of the restructuring process, the project continued to facilitate dissemination of the weather and agro-met advisories for 459,204 farmers in 69 ASCs in 3 project river basins. During the next two years, the project will institutionalize this system to co-develop and disseminate the advisories to national and district stakeholders. As of 2023, the project will target 520,000 direct beneficiaries (77 ASCs within project river basins), and 614,523 indirect beneficiaries come under 91 ASCs outside river basins and within project district boundaries. Under strengthening the disaster preparedness and early warning, the project will complete the development of village disaster preparedness plans for all the project cascade locations (26 plans already completed) and 25 divisional disaster preparedness plans within river basins. Further, the project will strengthen the flood/water management capacity of drinking water beneficiaries who live both within and outside river basin areas. Financial Progress (as per 20 05 2022) in millions Total budget (USD) Actual expenditure (USD) GCF GoSL GCF GoSL Com 01 21.022 7.104 10.900 5.255 Com 02 9.905 6.110 7.646 1.307 Com 03 3.652

අතමිට සරු කරන – වන අලි රස නොබැලු පැණි රස දොඩම්

වියලි කළාපයේ පවතිවන ජල හිගය නියගය සහ වන අලි තර්ජනය හමුවේ වඩාත් පීඩාවට ලක්වන ජන කොට්ඨාශය වනුයේ ගොවීන්ය. මෙම වන අලි තර්ජනය විහේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කරුවලගස්වැව වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බහුලව දක්නට ලැබේ. නියගය සහ වන අලි ගැටළුවට තිරසාර විසදුමක් ‍ ‍‍මේවනතෙක් හදුනාගෙන  නොමැත. නමුත් පවතින දේශගුණික වෙනස්වීම් සහ ආපදාවන් කළමණාකරණය කරගනිමින් ගොවීන්ට ඒ සදහා මුහුණදිමට අවශ්‍ය ශක්තිය ලබාදිම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ දේශගුණික සුහුරු කෘසිකර්මික සංවර්ධන වැඩසටහනේ අපේක්ෂාව වේ. මේ සදහා අවශ්‍ය තොරතුරු අත්දැකීම් ලබාගැනිම සදහා අනුග්‍රහ සම්පන්න පරිසරය සකස් කිරීමත්  අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පහසුකම් ලබාදිමත් සිදුකරනු ලබයි.  අතමිට සරු කරන වන අලි රස නොබැලු පැණි රස දොඩමි  පිළිබද අත්දැකීම් එකතුව එයට උදාහරණයකි. පුත්තලම් දිස්ත්‍රික්කයේ නවගත්‍තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගහ වැව ග්‍රාම නිලධාරි වසමේ කුඩා දොඩම්අත්තෑව ගම්මානය  සහ අන්දර වැව ග්‍රාම නිලධාරි වසම  අධික වන අලි තරජිත ප්‍රදේශයකි. එසේම වසරේ වැඩි කාලයක් වියලි පරිසර තත්වයන්ගෙන් යුක්තය. මෙම ප්‍රදේශයන්හි ගොවීන් තම වගා බිම් වල ස්වාභාවිකව වැවෙන දිවුල් ශාකයට පැණි දොඩම් අංකුර බද්ධය සාර්ථකව සිදුකර දිවුල් බද්ධ දොඩම් වගාව වසර 15 ක පමණ කාලයක සිට සිදුකරගෙන එනු ලබයි. නමුත් නිසි නඩත්තුවක් සහ මනා පලිබෝධ හා  රෝග පාලනය  නොකිරීම හේතුවෙන් මෙම දිවුල් බද්ධ දොඩම් වගාව විවිධ ගැටළු වලට මුහුණ දුන්නද ගොවීන් තම අත්දැකීම් භාවිතා කරමින් පවත්වාගෙන යනු ලැබේ.  අතුමැරීයාම ආරම්භව පසුව සම්පූර්ණ දොඩම් ගසම මැරීයාම මෙහි දක්නට ලැබෙන සුලභ ගැටළුවකි. එයට අමතරව වෙනත් රෝග සහ පලිබෝධ හානිද දක්නට තිබේ. මෙම දිවුල් බද්ධ දොඩම් වගාව සදහා තාක්ෂනික ආයතනයන්ගේ මැදිහත්වීම අල්පය. ඒ සදහා පළතුරු පිළිබදව විශේෂඥයින්ගේ තාක්ෂනික නිර්දේශයන්ද බලපා තිබේ. එනම් ප්‍රමිතියෙන් යුක්ත සාර්ථක දොඩම් අස්වැන්නක් සදහා පර්යේෂන නිලධාරීන් අනුමත කරන ග්‍රාහක අතරට දිවුල් ශාකය ඇතුලත් නොවේ. ඒ සදහා සුදුසු  ශාක ලෙස  රෆ් ලෙමන්, ට්‍රයිපොලියාටා (තුන්පත් කුරුඳු) බීජ සහ තවත් දෙහි විශේෂ කිපයක් ග්‍රාහක පැළවලට නිර්දේශ කර ඇත. දිවුල් ශාකය වැනි ග්‍රාහක යොදා ගත් විට, ප්‍රශස්ථ අස්වැන්න සහ ප්‍රමිතියෙන් යුක්ත දොඩම් ලබාගැනීමට නොහැකිවීම යන කරුණ මත දිවුල් දොඩම් බද්ධ වගාව තාක්ෂණිකව ආර්ථික පළතුරු වගාවක් සදහා අනුමත කර නැත. තාක්ෂණිකව දිවුල් බද්ධ දොඩම් වගාව නිර්දේශ නොකලද ගොවීන් දිවුල් බද්ධ දොඩම් වගාව තුලින් ඔවුන්ගේ පවතින කේෂත්‍ර ගැටළු සදහා පිළිතුරු සපයාගෙන ඇත. අඩු ජලයට සහ නියගයට ඔරොත්තුදීම යන කාරණය මත ගොවීන් මෙම වගාවට යොමුව තිබේ. දෙහි දොඩම් වැනි පැගිරි කුලයේ ශාක සදහා වන අලි රුචියක් නොදැක්වීම හේතුවෙන් වන අලි තර්ජනයට ද හොදම විසදුමක් ලෙස හදුනාගෙන ඇත.ගොවීන් අක්කරයක පැල 400ක් පමණ වගා කරයි.. ඒ අනුව ප්‍රශස්ථ වගාවකින් අක්කර අස්වැන්න එක් කන්නයකදී 40000ක් ලබාගැනීමට හැකියාව ඇත. එය වගාව මත වෙනස් විය හැකිය. වසරකට ඵලදාව ලබාදෙන වාරගනන දෙකකි. වැඩුන හොද දොඩම් ගෙඩියක මිල රු.10ක් පමණ විය. වාර අවසානයේදී මිල රු.25 පමණ වන අවස්ථාද තිබි ඇත. අස්වැන්න සදහාද වෙළද පළ ඉල්ලුමක් තිබේ. ගොවින් සාධාරණ ආදායමක් මෙම දොඩම් වගාවෙන් ලබාගනී. වසර 10කට පෙර කේෂත්‍රයේ  පැවැති මෙම තත්වයන් පිළිබදව සලකා බැලු කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරින්  දිවුල් බද්ධ දොඩම් වගාව නවගත්තේගම ප්‍රදේශයට නිර්දේශ කිරිම කර ඇත. එසේ වුවද ඉන්පසු ආර්ථික පළතුරු වගාවක් ලෙස දිවුල් බද්ධ දොඩම් වගාව ව්‍යාප්ත කිරිම සදහා කිසිවෙකු මැදිහත් වී නොමැත.< Image need to add> මේ වන විට කෘෂිකර්ම දේපාර්තමේන්තුව තාක්ෂනික උපදේශනය යටතේ  වැව්ගම් පුබුදුව ව්‍යපෘතිය මගින් මහමැද්දාව කුඩා දොඩම්අත්තෑව මොරගහ වැව සහ මහමැද්දාව යන ගම්මාන ගොවීන් 108 කට  කප්පාදු පුහුණුව ලබාදීලා ගොවි කණ්ඩායම් 10 ක ගොවීන් 60 ක් සදහා උපකරණ කට්ටල බෙදලා දීලා  තම වගාව තමන්ටම කප්පාදු කරගැනීමට අවශ්‍ය බලගැන්වීම කර තිබේනවා. පළතුරු ගම්මාන සංකල්පය යටතේ තව දුරටත් ගොවීන්ට  අවශ්‍ය තාක්ෂනික උපදේශන සේවා පුහුණු ලබාදෙමින් පළතුරු සමිති බවට ගොවින් සංවිධානගත කරමින්  පුද්ගලික අංශය සමග වෙළදපළ සම්බන්ධීකරණ ඔස්සේ  අවශ්‍ය මැදිහත්විම් සිදුකිරීමට සැළසුම් කරමින් පවති. හේමන්ත අබේවර්ධන සම්බන්ධිකාරක (CSA) වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය දකුණු ආසියානු – ශ‍්‍රී ලංකා සහයෝගීතාවය

වැවක මෙහෙයුම් හා නඩත්තුව ඇයි වැදගත්…..!

ඔබ අසා ඇති  හැඳි නොගා හදන හොද්ද පිළිබඳව පුරාණ කියමන  අසා ඇතැයි මා සිතමි. එහි තේරුම නම් හදන හොද්ද  රසවත් මෙන්ම පිළිවෙලකට සාදා ගැනීමට නම් හොඳට හැඳි ගගා හැදිය යුතුය.  නිසි ආකාරයට  නඩත්තුවක් සහ මෙහෙයුම් කටයුතු සිදු නොකරන වැවත් හැඳි නොගා හදන හොද්දත් දෙකම ගඟට කපන ඉනි වැනිය. මේ නිසාම අපි දකිනවා දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය. (වැව් ගම් පුබුදුව) මගින් එල්ලංගා පද්ධති වලට අයත් වැව් ඉතා හොඳ සැලැස්මකට අනුව ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසුව මෙහෙයුම් සහ නඩත්තු කටයුතු පසුකාලීනව සිදු කර ගෙන යෑමට අවශ්‍ය ඉතාමත් උසස් තත්වයෙන් යුතු  සියලු උපකරණ (Equipments) අප ව්‍යාපෘතිය මගින් ගොවි සංවිධාන වෙත  ප්‍රදානය කරනු ලබයි. මෙම උපකරණ ඵලදායි ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳව උපදෙස් සහ මග පෙන්වීම් නිරතුරුවම ලබාදෙයි. ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ප්‍රතිසංස්කරණය කරන ලද වැව් වසර කිහිපයක් යන්නටත් පෙර වැව් බැම්ම දිගේ ඇවිදන් යාමටත් බැරි තරමට වල් බිහි වී තිබෙන දසුන් ද අප හට දක්නට ලැබේ. එමෙන්ම ලබාදුන් උපකරණ නිසි ආකාරයට භාවිතා කරමින් උපදෙස් සහ මගපෙන්වීම වලට යටත්ව නෙතට ප්‍රිය උපදවන ආකාරයට නඩත්තු කටයුතු සිදු කළ වැව් ද දක්නට ලැබේ. මිනිසුන් ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු කාලය එළඹ ඇත. අද මිනිසුන් හන්දියක්  හන්දියක් ගානේ රට කරවන හැටි කතාවේ. නමුත් ලබාදුන් උපකරණ භාවිතා කරමින් බත සරි කරදෙන වැවට උපරිම සාධාරණයක් ඉටු කරනු ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය ප්‍රජාව බලමුලු ගැන්වීමේ වැඩපිළිවෙලවල් තව තවත් පුළුල් කරමින් වැව දුටු කල ගොවිතැන් කටයුතු සිදුකිරීමට ගත සිත නිරන්තරයෙන් ඇදී යන ආකාරයට  වැවක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු  සිදුවන්නේ නම් ව්‍යාපෘතියේ  සහ සුවහසක් ගොවි ජනතාවගේ  අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන් වෙනවා සේම ලෝක උරුමයක් ව පවතින එල්ලංගා පද්ධති චිරාත් කාලයක් සුරක්ෂිත වෙමින් අනාගතයට දායාද වේ. අතුල ප්‍රසාද් කරුණාරත්න දිස්ත්‍රික් සම්බන්ධීකාරක කුරුණෑගල වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය.

අර්බුද හමුවේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් ජෛවවිවිධත්වයේ ඇති වැදගත්කම

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1993 වසරේ දෙසැම්බර් 29 වන දින, ප්‍රථම වරට ලෝක ජෛවවිවිධත්ව දිනය ලෙස දෙසැම්බර් 29  වන දිනය නම් කරන ලදි. කෙසේ නමුත්, දෙසැම්බර් මස අවසානයේ මෙවැනි වැදගත් දිනයක් සැමරීමේ දී මුහුණදෙන ප්‍රායෝගික ගැට‍ළු සලකා බලා සහ ජෛවවිවිධත්ව සම්මුතිය, සම්මත කරගත් දිනය ද සුවිශේෂ දිනයක් ලෙස සිහිකිරීම වැදගත් හෙයින් 2000 වසරේ සිට, මැයි 22 වන දිනය ලෝක ජෛවවිවිධත්ව දිනය ලෙස නම් කර ඇත. එක් එක් වර්ෂයක දී ජෛවවිවිධත්වයේ වැදගත්කම පදනම් කරගත් තේමා යටතේ මෙම දිනය සමරනු ලබන අතර තිරසාර සංවර්ධන අරමුණු අනුමත වීමෙන් පසු තිරසාර සංවර්ධනය සඳහා ජෛවවිවිධත්වයේ වැදගත්කම තේමා කරගනිමින් වාර්ෂිකව ලෝක ජෛවවිවිධත්ව දිනය සමරනු ලබයි. මේ යටතේ, ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය, දේශගුණ විපර්යාසවලට අණුහුරු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ආවරණය වන තිරසාර සංවර්ධන අරමුණු ඉටුකරගැනීමේ දී ජෛවවිවිධත්වයේ ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම්, ජෛවවිවිධත්වය තිරසාර භාවිතය සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ග, සංරක්ෂණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සහ සංරක්ෂිත ජීවීන් සහ ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීම වැනි කටයුතු අප රට තුල මෙන්ම ලෝකය පුරා ද ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට රට තුල පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය සමග පැනනැගී ඇති ආහාර අර්බුදයත් සහ ඒ සමග බැඳී තිබෙන ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය බිඳවැටීමත් පාලනය කිරීමට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන පිළියම් සෙවීමේ දී ගෝලීය මෙන්ම දේශීය ජෛවවිවිධත්වය තුලින් සුවිශේෂී දායකත්වය ලබාගැනීමේ හැකියාව ඇත. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සමග ඍජුව සම්බන්ධ වන තිරසාර සංවර්ධන අරමුණුවල දෙවන අරමුණ ඇතුළු අනෙකුත් අරමුණු 16 සපුරාගැනීම සඳහා කටයුතු කිරීමේ දී ජෛවවිවිධත්වය සතු විභවය සහ කාර්යභාරය ඉතා ඉහලයි. ජෛවවිවිධත්වය සැලකීමේ දී කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය (Agrobiodiversity and associated biodiversity) යන උප ක්ෂේත්‍ර ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා ඍජුව වැදගත් වේ. අප විසින් ආහාර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්න විවිධ වූ පැළෑටි, ගස් වැල් සහ ලොකු කුඩා සත්ත්ව විශේෂ සහ ප්‍රභේද කෘෂි ජෛවවිවිධත්වයට අයත් වේ. එසේම, වගාකරන භෝග විශේෂ සහ භෝග ප්‍රභේද, ඇතිකරන ගොවිපළ සතුන් මෙන්ම වගබිම්වලට සහ ගොවිපළවල්වලට බැහැරින් ස්වාභාවික හමුවන ආහාර සඳහා නෙලාගන්න සහ එකතු කරගන්න පැළෑටි, ගස්වැල් සහ සත්ත්ව විශේෂ ද කෘෂි ජෛවවිවිධත්වයට අයත් වේ. එනම්, අප විසින් වගා කරන ධාන්‍ය, එළවළු සහ පලතුරු ආදී විවිධ වූ ආහාර බෝග, හරකුන්, කුකුළන් ඇතුළු ගොවිපළ සතුන් මෙන්ම ගොවිබිම්වල ඉබේ වැවෙන සහ ගොවිපලවලින් බැහැර ස්වභාවික පරිසරයේ වැවෙන ආහාර ලෙස භාවිතා කරන ගස්වැල්, පැළෑටි, සහ සතාසිව්පාවුන්, ජලජ ජීවින් සහ කෘමින් ද කෘෂි ජෛවවිවිධත්වය ට අයත් වේ. ආහාර ලෙස ඍජුව දායක නොවන එහෙත් කෘෂි පාරිසරික පද්ධතිවල පැවැත්ම වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිසරික සේවා සපයන ජෛවවිවිධත්වය, ආශ්‍රිත ජෛවවිවිධත්වය ලෙස සරලව හඳුන්වනවා. ඒ යටතේ, පාංශු පෝෂක චක්‍රීයකරණය සඳහා දායකවන ගැඩවිල්ලන්, පාංශු කෘමින් වැනි මහා ජීවින් සහ පාංශු ක්ෂුද්‍රජීවින්, පළිබෝධයකින් වගේම පළිබෝධයකින්ට හානි කරන කෘෂිකාර්මික ව හිතකර කෘමීන්, බෝග අස්වනුවලට ඍජුව වැදගත් වන පුෂ්ප පරාගනය සඳහා දායකවන මීමැස්සන්, සමනළයින් වැනි පරගකාරක කෘමීන් සහ වවුලන් වැනි ජීව විශේෂ ඇතුළත් වෙනවා. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා, විශේෂයෙන්ම වර්තමානයේ මුහුණදෙමින් සිටින ආහාර අර්බුදය හමුවේ, කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය වැදගත් වන්නේ කොහොම ද? දැනට හඳුනාගෙන ඇති සහ වාර්තාකර ඇති ආකාරයට වසර දසදහසකට වඩා ඉතිහාසයක් ඇති කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තුල ගස්වැල් සහ පැළෑටි විශේෂ 10000 ට වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් විසින් ආහාර ලෙස ලොව පුරා විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් වල භාවිතා කරන බව සඳහන් වෙනවා. එයින් විශේෂ 6000 ක් පමණ වගාකරන භෝග විශේෂ වන අතර ඉතිරිය භෝග වන දර්ශ සහ භෝග වල් දර්ශ සහ වගා නොකරන එහෙත් ආහාර සඳහා නෙලාගන්නා/ එකතුකරගන්නා ගස්වැල් පැළෑටිවලින් සමන්විත වෙනවා. ඒ වගේම, ආහාර සඳහා යොදාගන්න සතුන් සැලකීමේ දී විශේෂ 40 කට අයත් ප්‍රභේද 7500 ට වැඩි සංඛ්‍යාවක් ගොවිපළ සතුන් ලෙස භාවිතා කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් මේ වන විට ඉහත ශාක සහ සත්ත්ව විශේෂවලින් අතලොස්සක් පමණක් ලෝකයේ ආහාර සැපයුම සඳහා දැඩි ලෙස යොදාගනිමින් සිටිති. එනම්, ඉහත ශාක විශේෂවලින් 200 පමණ බහුලව ආහාර නිෂ්පාදනයට යොදාගන්නා නමුත් ගෝලීය ආහාර භෝග නිෂ්පාදනයෙන් 66% සඳහා දායක වෙන්නේ එයිනුත් භෝග විශේෂ 9 ක් පමණි. මස් මාංශ සහ බිත්තර ඇතුළු ගොවිපළ නිෂ්පාදන සඳහා යොදාගන්නේ ද ගොවිපළ සත්ත්ව ප්‍රභේද ඉතා සීමිත සංඛ්‍යාවක් පමණි. මසුන් ඇතුළු ජලජ විශේෂ සැලකුව ද ඉහත තත්ත්වයේ වෙනසක් නැත. එනම්, විවිධත්වයෙන් ඉතා ඉහළ වූ ආහාර පද්ධති සීමිත ආහාර සංඛ්‍යාවකට කොටු වී ඇත. ශ්‍රී ලංකාව ද කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වයෙන් ඉතා පොහොසත් රටකි. එනම් , වගා කරන බෝග විශේෂ සහ බෝග ප්‍රභේද විවිධත්වය මෙන්ම වගා නොකරන සහ වනජ ආහාර ශාක විවිධත්වය ඉතා ඉහළයි. එහෙත්, පසුගිය දසක කිහිපයේ ආහාර නිෂ්පාදන පද්ධතියේ මෙන්ම සමාජ ආර්ථික වශයෙන් සිදුවූ වෙනස්කම් සමග අපේ ආහාර පද්ධතිය ද තෝරාගත් බෝග විශේෂ සහ බෝග ප්‍රභේද අතලොස්සකට සිමා වී ඇත. චිරාත් කාලයක් අපගේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවයට දායක වූ ගස් වැල් පැළෑටි විශාල සංඛ්‍යාවක් නොසලකා හැර ඇති සහ/හෝ ඌන භාවිත තත්ත්වය පත්ව ඇති අතර ඒ හා බැඳී පැවති දැනුම් පද්ධති සීග්‍රයෙන් අහිමිවෙමින් පවතී. කෙසේ නමුත්, කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය සංරක්ෂණය, ප්‍රවර්ධන සහ තිරසාර භාවිතයන් වෙත යොමුවීම තුලින් ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය ඉහළ නැන්වීම, දේශගුණ විපර්යාසවලට අණුහුරු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ ජිවනෝපාය සංවර්ධනය, තිරසාර කෘෂි පරිසර පද්ධති ඇතිකරගැනීම, තිරසාර ආහාර පද්ධති ගොඩනගාගැනීම ඇතුළු තිරසාර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා වැදගත් වන අංශ ගණනාවක් ශක්තිමත් කරගත හැකි බවට විද්‍යාත්මක සාක්ෂි සාධක සහ දත්ත බොහෝ ප්‍රමාණයක් ලොව පුරා වාර්තා වෙමින් ඇත. එසේම, ඒ සඳහා විශේෂයෙන්ම ගොඩනැගුණු ආයතන, උපායමාර්ග සහ වැඩසටහන් ද ඇත.   එමනිසා, අප මුහුණදෙමින් සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදයත් සමග පැනනැගී ඇති ආහාර අර්බුදය කඩිනම් විසදුම් සෙවීමේ දී කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය උපරිමයෙන් යොදාගැනීමට මෙන්ම තිරසාර කෘෂි පරිසර පද්ධති සහ තිරසාර ආහාර පද්ධති ගොඩනගාගැනීම සඳහා අපට උරුම ජෛවවිවිධත්වය යොදාගැනීම ට, වර්තමාන අර්බුද තුලින් විවෘත වී ඇති අනගි අවස්ථා අත්නොහැර යොදාගත යුතුයි. ලාල් වක්කුඹුර පරිසර හා සමාජ ආරක්ෂණ විශේෂඥ වැව්ගම් පුබුදුව