අභියෝග මැද ඵලදායී ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙත් අනුගමනය

හැඳින්වීම

වර්තමාන අපේ රට මුහුණ පා සිටින ආර්ථික, දේශපාලනික හා සාමාජයීය අභියෝගකාරී වාතාවරණය මධ්‍යයයේ වුවද එම අභියෝගවල බලපෑම අවම කරගනිමින් “වැව්ගම් පුබුදුව”  ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වෙත සැලසුම් කර ඇති  පරිදි ප්‍රතිලාභ ලඟාකරදීම සඳහා ප්‍රායෝගික ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම කාලින අවශ්‍යතාවයක් වේ. මෙහිදී රටේ නිෂ්පාදන ක්‍රියාදාමය සඳහා කාලීනව ඉතාමත් අත්‍යාවශය  කෘෂිකාර්මික, අහාර සුරක්ෂිතතාවට අදාලව ඉතා වැදගත් ප්‍රයෝගික ප්‍රතිලාභ අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් එවැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඉතා වැදගත් වේ.

වර්තමානයේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු  

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාලව වර්තමාන අභියෝග හමුවේ ගැටළු රාශියක් පවතින නමුත් ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතියට අදාලව පහත පරිදි හඳුනාගත හැක.

අ)   අමුද්‍රව්‍ය මිල කෙටි කාල පරාසයක් තුළ අධික ලෙස උච්ඡාවචනය වීම.

ආ)   ඉන්ධන ඌනතාවය හා එම සැපයුම්ජාල අඛණ්ඩව ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලු පැවතීම. එමෙන්ම     ඉන්ධන මිල කෙටි කාල පරාසයක් තුළ අධික ලෙස උච්ඡාවචනය වීම.

ඇ) ඉහත “අ හා ආ” හේතු හා ඊට අදාල අනෙකුත් කරුණු මත ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් සියලු සේවා         වියදම් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැවතීම.

ඈ) ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාල සියලු ශ්‍රමික (නිපුණැති / කම්කරු ආදී ) හිඟතාව හා ඔවුනට අදාල ගෙවීම   ඉහළ යාම.

ගැටළු නිරාකරණය සඳහා අනුගමනය කළ හැකි ප්‍රායෝගික  ක්‍රියාමාර්ග :

ඉහත දක්වා ඇති ගැටළු ඉතා සංකීර්ණ හා අභියෝගකාරී වන නමුත් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නියමිත කාල රාමුවක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රයෝගික ක්‍රියා මාර්ග ඉතා වැදගත් වේ.ඒ පිලිබඳ ප්‍රවේශයක් පහත දක්වා ඇති පරිදි ලබා ගත හැක.

අ.) පෙර දැක්ම හා සැළසුම් කිරීම( Foresight & Planning )

මෙහිදී සාමාන්‍ය කාල රාමු හා වාතාවරණයන් පිලිබඳ සීමාවලින් ඔබ්බට ගොස් සියලු සාධක සැලකිල්ලට ගනිමින් ප්‍රායෝගික සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍ය ප්‍රසම්පාදාන කාලසටහනකට වඩා කල්වේලා ඇතිව ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම, ප්‍රසම්පාදන කොන්දේසි සඳහා වැඩි නම්‍යතාවයක් සහිත ප්‍රායෝගික කරුණු ඇතුළත් කිරීම , ශ්‍රව්‍ය  දෘෂ්‍ය සියලු මාධ්‍ය භාවිතා කරමින් ඉතා පුළුල් ප්‍රචාරයක් ලබාදීම,ඉදිකිරීම් සංවර්ධන හා පුහුණු ආයතනය  ( CIDA )සමඟ නිරන්තර සබඳතා මගින් ප්‍රසම්පාදන ලියකියවිලි ආශ්‍රිතව ලංසුකරුවන්ට පැනනැඟිය හැකි ගැටලු පිළිබඳ පෙර සාකච්ඡා සිදු කර විසඳුම් අනුගත කිරීම ආදී ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කළ යුතු වේ.

 ( ආ ) සන්නිවේදනය හා සම්බන්ධීකරණය  ( Communication & Coordination )

සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළම ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් සියලු පාර්ශව සමඟ මනා සන්නිවේදනයක් හා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙවැනි අභියෝගකාරී කාලසීමාවන් තුළ ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ.. විශේෂයෙන්ම  නිසි සන්නිවේදනය නොමැති වුවහොත් අනවශ්‍ය ප්‍රමාද සිදුවීම, ඉටුකළ යුතු කාර්යය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිවීම, ප්‍රමාණවත් ලංසු ඉදිරිපත් නොවීම වැනි ඵලදායි නොවන ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින් සියලු පාර්ශව මේ පිළිබඳව වැඩි අවධානයකින් ක්‍රියා කළ යුතු වේ.

( ඇ ) නම්‍යතාවය හා සහයෝගිතාවය  ( Flexibility & Cooperation )

මෙවැනි අභියෝගකාරී වාතාවරණයක් තුළ එම ප්‍රායෝගික ගැටලු හා ඊට අනුරූපව එක් එක් පාර්ශව වෙත ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව වඩාත් අවබෝධයකින් සමස්ත ක්‍රියාදාමය තුළ වඩාත් නම්‍යශිලිව හා සහයෝගිතාවයෙන් ක්‍රියා කිරීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. අපගේ ව්‍යාපෘතිය තුළ කොන්ත්‍රාත්කරුවන් සඳහා මෑත කාලයේදී සිමෙන්ති ලබා ගැනීම දුෂ්කර වූ අවස්තාවලදී ව්‍යාපෘතිය මගින් ස්වයංක්‍රියාකාරී  වී සිමෙන්ති නිෂ්පාදන සමාගම්වල සභාපති හා ඉහළ කළමනාකාරිත්වය සමඟ සම්බන්ධීකරණය සිදු කර අවශ්‍ය කොන්ත්‍රාත්කරුවන්ට ඒ ඒ දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය සිදුකර දීමට  ක්‍රියාකිරීම හා මෑත කාලයේදී එම අයුරින්ම ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් ඉදිරි සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම ආරම්භ කිරීම ආදී වශයෙන් මේ සඳහා උදාහරණ දැක්විය හැක.

එමෙන්ම ව්‍යාපෘතියේ වාර්ෂික ක‍්‍රියාකාරී සැලැස්ම ( AWP) අනුව මුදලට වටිනාකම ( Value for Money )  හා ඉටුකරනු ලබන කාර්යයන් වල ගුණාත්මක භාවය හාප‍්‍ර‍්‍රමිතිය (Quality assurance )පවත්වාගනිමින්         ව්‍යාපෘතියේ සියලූම ප‍්‍රසම්පාදන කටයුතු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ( UNDP) ප‍්‍රතීතන        නියෝජනය ක‍්‍රියාත්මක සහයෝගිතාව (Implementation support) නිරතුරුවම ප‍්‍රගති සමාලෝචන සාකච්ඡුා හා සම්බන්ධීකරණය සිදු කරමින් වඩාත් නම්‍යශීලී ලෙස ක‍්‍රියා කිරීම මගින් අපේක්ෂිත කාලරාමු ඇතුළත වඩාත් ඉහළ ප‍්‍රතිලාභ ලබාදීමට හැකියාව ලැබී ඇත.

ඉහත විස්තරාත්මකව දක්වා ඇති ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ඉතා දුෂ්කර මෙවැනි අර්බුදකාරී වාතාවරණයකදී වුවද ව්‍යාපෘතියේ නියමිත වාර්ෂික කාල රාමුවලට අනුගත වෙමින් ප්‍රසම්පාදන කටයුතු කාර්යක්ෂමව ඉටුකරගෙන යාමට ඉඩ ප්‍රස්තාව සැලසී ඇති අතර ඒ පිලිබඳව  ව්‍යාපෘතියක් ලෙස සියලු පාර්ශ්ව වෙත ගෞරවය හිමි විය යුතුය.

මේජර් ජනරාල් රේනක උවත්ත (විශ‍්‍රාමික)
ප‍්‍රසම්පාදන විශේෂඥ
වැව්ගම් පුබුදුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest News