අතමිට සරු කරන – වන අලි රස නොබැලු පැණි රස දොඩම්

වියලි කළාපයේ පවතිවන ජල හිගය නියගය සහ වන අලි තර්ජනය හමුවේ වඩාත් පීඩාවට ලක්වන ජන කොට්ඨාශය වනුයේ ගොවීන්ය. මෙම වන අලි තර්ජනය විහේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කරුවලගස්වැව වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බහුලව දක්නට ලැබේ. නියගය සහ වන අලි ගැටළුවට තිරසාර විසදුමක් ‍ ‍‍මේවනතෙක් හදුනාගෙන  නොමැත. නමුත් පවතින දේශගුණික වෙනස්වීම් සහ ආපදාවන් කළමණාකරණය කරගනිමින් ගොවීන්ට ඒ සදහා මුහුණදිමට අවශ්‍ය ශක්තිය ලබාදිම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ දේශගුණික සුහුරු කෘසිකර්මික සංවර්ධන වැඩසටහනේ අපේක්ෂාව වේ. මේ සදහා අවශ්‍ය තොරතුරු අත්දැකීම් ලබාගැනිම සදහා අනුග්‍රහ සම්පන්න පරිසරය සකස් කිරීමත්  අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පහසුකම් ලබාදිමත් සිදුකරනු ලබයි.  අතමිට සරු කරන වන අලි රස නොබැලු පැණි රස දොඩමි  පිළිබද අත්දැකීම් එකතුව එයට උදාහරණයකි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ නවගත්‍තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගහ වැව ග්‍රාම නිලධාරි වසමේ කුඩා දොඩම්අත්තෑව ගම්මානය  සහ අන්දර වැව ග්‍රාම නිලධාරි වසම  අධික වන අලි තරජිත ප්‍රදේශයකි. එසේම වසරේ වැඩි කාලයක් වියලි පරිසර තත්වයන්ගෙන් යුක්තය. මෙම ප්‍රදේශයන්හි ගොවීන් තම වගා බිම් වල ස්වාභාවිකව වැවෙන දිවුල් ශාකයට පැණි දොඩම් අංකුර බද්ධය සාර්ථකව සිදුකර දිවුල් බද්ධ දොඩම් වගාව වසර 15 ක පමණ කාලයක සිට සිදුකරගෙන එනු ලබයි. නමුත් නිසි නඩත්තුවක් සහ මනා පලිබෝධ හා  රෝග පාලනය  නොකිරීම හේතුවෙන් මෙම දිවුල් බද්ධ දොඩම් වගාව විවිධ ගැටළු වලට මුහුණ දුන්නද ගොවීන් තම අත්දැකීම් භාවිතා කරමින් පවත්වාගෙන යනු ලැබේ.  අතුමැරීයාම ආරම්භව පසුව සම්පූර්ණ දොඩම් ගසම මැරීයාම මෙහි දක්නට ලැබෙන සුලභ ගැටළුවකි. එයට අමතරව වෙනත් රෝග සහ පලිබෝධ හානිද දක්නට තිබේ. මෙම දිවුල් බද්ධ දොඩම් වගාව සදහා තාක්ෂනික ආයතනයන්ගේ මැදිහත්වීම අල්පය.

ඒ සදහා පළතුරු පිළිබදව විශේෂඥයින්ගේ තාක්ෂනික නිර්දේශයන්ද බලපා තිබේ. එනම් ප්‍රමිතියෙන් යුක්ත සාර්ථක දොඩම් අස්වැන්නක් සදහා පර්යේෂන නිලධාරීන් අනුමත කරන ග්‍රාහක අතරට දිවුල් ශාකය ඇතුලත් නොවේ. ඒ සදහා සුදුසු  ශාක ලෙස  රෆ් ලෙමන්, ට්‍රයිපොලියාටා (තුන්පත් කුරුඳු) බීජ සහ තවත් දෙහි විශේෂ කිපයක් ග්‍රාහක පැළවලට නිර්දේශ කර ඇත. දිවුල් ශාකය වැනි ග්‍රාහක යොදා ගත් විට, ප්‍රශස්ථ අස්වැන්න සහ ප්‍රමිතියෙන් යුක්ත දොඩම් ලබාගැනීමට නොහැකිවීම යන කරුණ මත දිවුල් දොඩම් බද්ධ වගාව තාක්ෂණිකව ආර්ථික පළතුරු වගාවක් සදහා අනුමත කර නැත.

තාක්ෂණිකව දිවුල් බද්ධ දොඩම් වගාව නිර්දේශ නොකලද ගොවීන් දිවුල් බද්ධ දොඩම් වගාව තුලින් ඔවුන්ගේ පවතින කේෂත්‍ර ගැටළු සදහා පිළිතුරු සපයාගෙන ඇත. අඩු ජලයට සහ නියගයට ඔරොත්තුදීම යන කාරණය මත ගොවීන් මෙම වගාවට යොමුව තිබේ. දෙහි දොඩම් වැනි පැගිරි කුලයේ ශාක සදහා වන අලි රුචියක් නොදැක්වීම හේතුවෙන් වන අලි තර්ජනයට ද හොදම විසදුමක් ලෙස හදුනාගෙන ඇත.ගොවීන් අක්කරයක පැල 400ක් පමණ වගා කරයි.. ඒ අනුව ප්‍රශස්ථ වගාවකින් අක්කර අස්වැන්න එක් කන්නයකදී 40000ක් ලබාගැනීමට හැකියාව ඇත. එය වගාව මත වෙනස් විය හැකිය. වසරකට ඵලදාව ලබාදෙන වාරගනන දෙකකි. වැඩුන හොද දොඩම් ගෙඩියක මිල රු.10ක් පමණ විය. වාර අවසානයේදී මිල රු.25 පමණ වන අවස්ථාද තිබි ඇත. අස්වැන්න සදහාද වෙළද පළ ඉල්ලුමක් තිබේ. ගොවින් සාධාරණ ආදායමක් මෙම දොඩම් වගාවෙන් ලබාගනී. වසර 10කට පෙර කේෂත්‍රයේ  පැවැති මෙම තත්වයන් පිළිබදව සලකා බැලු කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරින්  දිවුල් බද්ධ දොඩම් වගාව නවගත්තේගම ප්‍රදේශයට නිර්දේශ කිරිම කර ඇත. එසේ වුවද ඉන්පසු ආර්ථික පළතුරු වගාවක් ලෙස දිවුල් බද්ධ දොඩම් වගාව ව්‍යාප්ත කිරිම සදහා කිසිවෙකු මැදිහත් වී නොමැත.< Image need to add>

මේ වන විට කෘෂිකර්ම දේපාර්තමේන්තුව තාක්ෂනික උපදේශනය යටතේ  වැව්ගම් පුබුදුව ව්‍යපෘතිය මගින් මහමැද්දාව කුඩා දොඩම්අත්තෑව මොරගහ වැව සහ මහමැද්දාව යන ගම්මාන ගොවීන් 108 කට  කප්පාදු පුහුණුව ලබාදීලා ගොවි කණ්ඩායම් 10 ක ගොවීන් 60 ක් සදහා උපකරණ කට්ටල බෙදලා දීලා  තම වගාව තමන්ටම කප්පාදු කරගැනීමට අවශ්‍ය බලගැන්වීම කර තිබේනවා. පළතුරු ගම්මාන සංකල්පය යටතේ තව දුරටත් ගොවීන්ට  අවශ්‍ය තාක්ෂනික උපදේශන සේවා පුහුණු ලබාදෙමින් පළතුරු සමිති බවට ගොවින් සංවිධානගත කරමින්  පුද්ගලික අංශය සමග වෙළදපළ සම්බන්ධීකරණ ඔස්සේ  අවශ්‍ය මැදිහත්විම් සිදුකිරීමට සැළසුම් කරමින් පවති.

හේමන්ත අබේවර්ධන
සම්බන්ධිකාරක (CSA)
වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය
දකුණු ආසියානු – ශ‍්‍රී ලංකා සහයෝගීතාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest News