Skip to content
Home
About Us
What is CRIWMP
Our Task
Our Focus
Where We Work
Activities
Outputs
VIS Rehabilitation
Drinking Water
Climate Smart Agriculture
Disaster Management
Safe Guard
Environment Safeguards
Grievance Mechanism
Social Safeguards
Monitoring & Evaluation
Monitoring & Evaluation Framework
Logical Framework
Risk Management
Participations Monitoring
Information
Procurement & Tender
Contract Award
Media
News
Blogs
Audio Visual
Photos
Contact
Head Office
Sub Office
District Office
Symposium
Home
About Us
What is CRIWMP
Our Task
Our Focus
Where We Work
Activities
Outputs
VIS Rehabilitation
Drinking Water
Climate Smart Agriculture
Disaster Management
Safe Guard
Environment Safeguards
Grievance Mechanism
Social Safeguards
Monitoring & Evaluation
Monitoring & Evaluation Framework
Logical Framework
Risk Management
Participations Monitoring
Information
Procurement & Tender
Contract Award
Media
News
Blogs
Audio Visual
Photos
Contact
Head Office
Sub Office
District Office
Symposium
නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු
මිනිස් සමාජය තුළ මුදලින් මැනිය නොහැකි තරම් උපරිම වටිනාකමක් දරුවෙකුට ලැබී ඇත. ළමයෙකුට මෙතරම් වටිනාකමක් ලැබී ඇත්තේ දරුවා තවත් එක් මිනිස් පරම්පරාවක ආරම්භය වන නිසාය.දරුවන් යනු මැටි ගුලියකි.මැටි ගුලියකට අලංකාර කැටයම් ඔබ්බවා ගත් විට එය සුන්දර නිර්මාණයක් බවට පත් වනු ඇත.කුඩා දරුවන් හට ද ගුණයහපත්කම් මෙන්ම ලැබෙන බාහිර සාධක මත යහපත් පුරවැසියෙකු වීමේ අඩිතාලම වැටෙයි.දෙමව්පියන්ගෙන් පසු ඔවුන් ජීවිතයේ පළමු සමාජ ඇසුර ලබන්නේ පාසල තුළ දී ය.ඔවුන් හට නිසි අධ්‍යාපනයක් මෙන් ම සෞඛ්යාරක්ෂිත වටපිටාවක් සැකසීම කාගෙත් යුතුකමකි.සෞඛ්‍ය සම්පන්න බව ගතහොත් බොහෝ පාසල්හි පානීය ජල ගැටළුව දක්නට ලැබේ.වියළි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හොරොව්පොතාන ග්‍රාමය ද යනු පානීය ජලය නොමැතිව නිතර පිඩාවන්ට ලක්වන ප්‍රජාවන් සහ දරුවන් වෙසෙන පෙදෙසකි.පානයට සුදුසු නැති ජල පරිහරණය නිසා වකුගඩු වැනි නොයෙකුත් සෞඛ්‍ය ගැටලු දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ, ඔවුන්ගේ කර්කශ වූ ජන ජීවිතය තව තවත් පහළට ඇද දමමිනි.පානයට සුදුසු වන ජලය සපයා ගැනීමට නොහැකි වීම ළමා, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේම සෞඛ්‍යයට දැඩි තර්ජනයකි.කුඩා දරුවන් යනු රටට සම්පතකි, ඔවුන් රටේ අනාගතයයි, රටේ ජීවනාලිය බඳු දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව අරක්ෂා කිරීම අපගේ පරම යුතුකමක් සේම වගකීමක්ද වේ.වියළි කලාපයේ පාසල් දරුවන්ට පිරිසිදු ජලය ලබා ගැනිම දුෂ්කර ය. එම නිසාවෙනි නොයෙකුත් සෙෘඛ්‍ය ගැටළුවලට මුහුණ පාන්නට සිදු ව ඇත.ජලයෙහි ඇති මලකඩ නිසා මෙම ජලය පානය කිරිමෙන් දත් වල මැලියම් බැදී ඇත.එමෙන් ම බොහෝ දරුවන්ගේ දෙමාපියන් වකුගඩු රෝගීන් ය. ඒ තත්ව හමුවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පවා කතර වී ඇත.අප ව්‍යාපෘතිය වන හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් පානීය ජල ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි.අපගේ අරමුණ වන්නේ පීඩා විදින ඔවුන්ගේ ජල පිපාසය සංසිදුවාලීම ය.එසේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය කිහිපයක් අතුරින්, සාර්ථක මට්ටමට පත් වූ එක් අවස්ථාවක් ලෙස මෙම පීඩා විදින දරුවන් අධ්‍යාපනය ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන කඳුගොල්ලෑව ඉහළ දිවුල්වැව විද්‍යාලය උග්‍ර ලෙස පානීය ජල ගැටලුවට මුහුණ දෙන ප්‍රාථමික විදුහලකි.පුංචි දරුවන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දිම වස් අප ව්‍යාපෘතිය විසින් ජල පෙරහන් පද්ධතියක් මෙම පාසලට ලබා දීමට කටයුතු කරන ලදී. ජල පෙරහන් පද්ධතිය ලබා දිම නිසා පුංචි පැටවුන් හට පිරිසිදු ජල පොදක් ලබා දිමට අපට හැකියාව ලැබීම මේ නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු වලට මහත් අස්වැසිල්ලකි.
Related Content
නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු
Read More
ජීවිතයට සිසිලසක්
Read More
දිරිය ගැහැණුන් සොයා…
Read More