දිරිය ගැහැණුන් සොයා…

කාන්තාව සමාජයේ විවිධ භූමිකාවන්හි කටයුතු කරයි.ගැහැණිය සතුව පවතින දරා ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මකව මෙන්ම ඇය වෙත පැවරී ඇති මෙම කාර්යයභාරය අනුව ද ඇය පිරිමියාට වඩා ඉදිරියෙන් සිටී. සංස්කෘතිය හා සමාජ රාමුවට කොටු වී සිට සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගොස් වර්තමාන වන විට කාන්තාව පිරිමින් සමඟ උරෙනුර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයන පිරිසක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.සමාජයම ය පෞරුෂය නියෝජනය පැත්තෙන් කිසිදු සාධාරණ ඉඩකඩක් කාන්තාවට නොලැබුණ ද ඇය ඇඟේ කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන අතරම විවිධ සමාජ තලයන් හි විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් තම පවුලේ අනාගත දියුණුව උන්නතිය උදෙසා මෙන්ම පොදුවේ රටේ සංවර්ධනය කාර්යය උදෙසා ලබා දෙන ශ්‍රම දායකත්වය සුළුපටු නොවේ.රැකියා අවස්ථා නිර්මාණයේදී ද, විශ්ව විද්‍යාල අධ්‍යාපනය,රෝහලක් ගතහොත් වෛද්‍ය ක්ෂේත්‍රය, ගුරු වෘත්තිය, ඇඟලුම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රයන් හි වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවයි.එසේත් නොමැති නම් රටක නිෂ්පාදන කාර්යයේදී කාන්තා නියෝජනය ඉතාමත් ඉහළ ය. මෑත කාලය ගත් විට දේශගුණික විපර්යාසයන් නිසා ලාංකීය කෘෂිකර්මාන්තය උග්‍ර ගැටළු රැසකට මුහුණ දෙන අතර එය රටේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම ආහාර අවශ්‍යතාවයට ද බලපෑම් කරයි.වියළි කලාපයේ කාන්තාව දේශගුණික විපර්යාසයන් නිසා දැඩි ලෙස පීඩා විදියි.වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ සිදී යාම නිසාවෙන් තම වගාවන් සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම පවා ඔවුන්ට අසීරු ක්‍රියාවකි. වන්නි යන වචනය ඇසු පමණින්ම සිහියට නැගෙන්නේ ඉතාමත් කර්කෂක වියළි පාරිසරික තත්වයකි. නමුත් සැබෑ ලෙසම ඓතිහාසික කරුණු විමසු විට වන්නි හත්පත්තුව අතීත රාජධානියේ හඳුන්වා ඇත්තේ මලින් පිරි, ඵලින් බර, බත බුලතින් සපිරි වර්ණවත්ව පැවතුණු ප්‍රදේශයක් බවටයි. නමුත් දශක ගණනාවක සිට මෙම ඉඩම් විවිධ හේතූන් මත විශේෂයෙන් යුධමය තත්වයන් මත ඉඩම් භාවිත නොකරීම නිසා සහ වගා රටාවන් නිසා වර්තමානය වන විට මෙම ප්‍රදේශය වියළි භූමියක් බවට පත්ව තිබේ. නමුත් හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් දේශගුණික සුහුරු කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ පාරිසරික ගොවිතැන් සමඟ මෙම ප්‍රදේශය ඉතිහාසයේ සඳහන් පරිදි නැවත වර්ණවත් ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා “වන්නි Green” යන සංකල්පය ආරම්භ කෙරිණි.එහි දී ප්‍රදේශයේ කාන්තාවන්ගේ ශක්තියෙන් වගා කටයුතු ආරම්භ කෙරෙණි.තම අස්වනු පාරිබෝගිකයා හට විකුණා ගැනීම සඳහා වෙළදපොළක් නිර්මාණය කළ අතර එමඟින් අස්වනු සහ වෙනත් නිපැයුම් පාරිබෝගිකා හට සෘජුව ම අලෙවි කර ගැනීමට අවස්ථාව ඔවුන්ට හිමි වේ.ගොඩ නැගුණු මෙම සංකල්පය වියළිව තිබූ පාරසරික පද්ධතිය නැවත වර්ණවත් දේශයක් බවට පරිවර්තනය කිරීමට දායක වුවේ දිරිය කතුන් යන හැඟීම පාරිභෝගිකයන් අතරට ගෙන ඒමටත්, මෙහි වගා කටයුතුවල නිරත සුළු පරිමාණ ගොවීන්ට දිරියක් ශක්තියක් ගෙන ඒමටත් මෙම “වන්නි Green” සන්නාමය වඩාත් ඉවහල් වනු ඇති බව නොඅනුමානය.

Related Content