Skip to content
Home
About Us
What is CRIWMP
Our Task
Our Focus
Where We Work
Activities
Outputs
VIS Rehabilitation
Drinking Water
Climate Smart Agriculture
Disaster Management
Safe Guard
Environment Safeguards
Grievance Mechanism
Social Safeguards
Monitoring & Evaluation
Monitoring & Evaluation Framework
Logical Framework
Risk Management
Participations Monitoring
Information
Procurement & Tender
Contract Award
Media
Publications
Blogs
Audio Visual
Photos
Contact
Head Office
Sub Office
District Office
Symposium
Home
About Us
What is CRIWMP
Our Task
Our Focus
Where We Work
Activities
Outputs
VIS Rehabilitation
Drinking Water
Climate Smart Agriculture
Disaster Management
Safe Guard
Environment Safeguards
Grievance Mechanism
Social Safeguards
Monitoring & Evaluation
Monitoring & Evaluation Framework
Logical Framework
Risk Management
Participations Monitoring
Information
Procurement & Tender
Contract Award
Media
Publications
Blogs
Audio Visual
Photos
Contact
Head Office
Sub Office
District Office
Symposium
ජීවිතයට සිසිලසක්
ජීවයේ පැවැත්ම සඳහා මෙන් ම මිනිසාගේ විවිධාකාර වු අවශ්‍යතා සපුරා ගැනීමට ජලය අත්‍යවශ්‍යය. විද්‍යාඥයන් පවසන පරිදි පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක් පිරී ඇත්තේ ජලයෙනි.ඉන් වැඩි ප්‍රතිශතයක් පවතින්නේ සාගර ජලයයි.අද වන විට මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට තරම්වත් පිරිසිදු ජලය සොයා ගැනීම අසීරු කාර්යයක් විි ඇත.ලංකාවේ වියළි කලාපය ගත් විට පානීය ජල ගැටළුව උත්සන්න වි ඇත.මන්නාරම් දිස්ත්‍රික්කය යනු පානීය ජලය සපයා ගැනීමට ඉතාමත් අපහසු ප්රදේශයකි.එයට හේතුව පානීය ජල මුලාශ්‍ර නොමැතිවීම හා තිබෙන මූලාශ්‍ර වල භූ විෂමතා ලක්ෂන හා දේශගුණික හේතුන් මත ජලය බොහෝවිට බීමට සුදුසු තත්වයේ නොමැති වීමයි.උග්‍ර පානීට ජල හිඟය නිසාවෙන් සහ පිරිසිදු ජලය සොයා ගත නොහැකි නිසාවෙන් මන්නාරමේ ජිවත් වන බොහෝ මිනිසුන් වකුගඩු රෝගීන් බවට පත් වී හමාරය.ඇතැම් පවුල් වල එක් සාමාජිකයෙකු හැරෙන්නට සෙසු සාමාජිකයන් සියල්ලම පාහේ මෙම රෝගයේ ගොදුරක් බවට පත් වී ඇත.මෙවැනි තත්වයක් හමුවේ හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය වියළි කලාප කාන්තාවන් සවි බලගැන්වීම යටතේ වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කරමින් තිබෙන ව්‍යාපෘතියකි.ඒ අතරින් මන්නාරම් දිස්ත්‍රික්කයේ තෝරාගත් එල්ලංගා පද්ධති තුළ පානිය ජල ගැටළුව සහ අවදානම් කණ්ඩායම් සහිත ගෘහයන් ඉලක්ක කරගනිම්න් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාන්විතයේදී කාන්තා මූලික ගෘහයන් හා වකුගඩු රෝගය හෝ අබාධිත පුද්ගලයන් සහිත ගෘහයන් මූලික කරගමින් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතා ව සපුරාලීමට අවශ්‍ය කටයුතු සිදු කරයි.මන්නාරමි දිස්ත්‍රික්කයේ පෙරියපණ්ඩිවිරිච්න් ග්‍රාමයේ ඩිලේස් කිල්ඩා මහත්මිය ප්රතිලාභීයෙකු ලෙස තෝරා ගනිමින් පානීය ජල ගැටළුවට විසදුම් ලෙස අවශ්‍ය ජල ටැංකියක් හා අවශ්‍ය පුහුණුව හා දැනුම ලබා දීම සිදු කෙරිණි.මෙහි දී ඔවුන්ගේ පානීය ජල ගැටලුව නිරාකරණය කර දීමත් මෙන් ම ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත සහෝදරයාගේ ජීවිකාව ගෙනයාමට නිසි ආදායම් මාර්ගයක් සකසා දීම සඳහා ඇයට ගෙවතු වගා ක්‍රමය හදුන්වා දී පළතුරු පැල වර්ග ලබා දී අවශ්‍ය මනා පුහුණුවක්, තාක්ෂණික දැනුම සහ උපකරණ ලබා දීමත් මඟින් ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතාවය මෙන් ම ආර්ථික මට්ටමද ස්ථාවරත්වයකට ගොඩ නංවාලීම මඟින් වියළී ගොස් තිබුණු ඔවුන්ගේ ජීවිතවලට සිසිලක් ගෙන දීමට අපය හැකියාව ලැබිණි.
Related Content
කෙතෙන් කෙතට යන නූතන තාක්ෂණය
Read More
ජීවිතයට සිසිලසක්
Read More
දිරිය ගැහැණුන් සොයා…
Read More