කෙතෙන් කෙතට යන නූතන තාක්ෂණය 

මානවයාගේ පරිණාමයේ සිදුවූ යුග මාරුවෙන් මිනිසා ගොවි යුගයට පැමිණීමත් සමග කෘෂිකර්මාන්තයේ මූලාරම්භය සිදු විය.ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල කෘෂිකර්මාන්තය හා ආර්ථිකය රදා පවතින්නේ සහල් නිෂ්පාදනය මත ය.ඔවුන්ගේ ප්‍රධාන ආහාර බෝගය ද වන්නේ වී ශාකයයි.ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කළාපයේ බහුල වශයෙන් වී වගාව සිදු කරන අතර එහි භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර 807,763 ක් පමණ වේ.වර්ෂාපතනය සහ සෘතු රටාව මත සාමාන්‍යයෙන් වසරකට දෙවරක් වී වගාව සිදු කරයි. වී වගාව ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය බෝගය වුවද අදවන විට සහල් ආනනය කිරීම දක්වා අර්බුදකාරී තත්වයකට පත්වී ඇත.එයට හේතු සාධක කිහිපයකි.ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇතිවන ආර්ථික තත්ත්වයන් නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම හා යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ. මෙම සාධක මෙන් ම දේශගුණික විපර්යාසයන් ද වී වගාවට කන කොකා හැඬීමට ප්‍රධාන හේතුවකි.ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් හා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ. වර්ෂාව නිසා සිදු වන බලපෑම එකිනෙකාට සාපේක්ෂව වෙනස් ය.නිරන්තරයෙන් වැසි ඇදහැළෙන ප්‍රදේශවල ජනතාවට වර්ෂාව යනු ජීවිත සෝදා පාළුවට ලක් කරන්නක් විය හැකි ය.නමුත් වියළි කලාපයේ මිනිස්සුන්ට වර්ෂාව යනු ආශිර්වාදයකි.ඔවුන් මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී වගාව සිදු කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම, ජලය සිඳීයාම වගා විනාශ වීම සිදු වේ.නිසි ජල කළමණාකරන දැනුමක් ඔවුන් සතු නොවේ.මෙම අර්බුධකාරී තත්වයන් හේතු කරගනිමින් හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වී වගාව බහුල ව සිදු කරන වියළි කලාපයේ මිනිසුන් හා අත්වැල් බැඳ ගනිමින් ලෝකයේ භාවිත කරන නව තාක්ෂණය හා දැනුම ඔවුන් වෙත ගෙන යයි. ලේසර් ලෙවල් (Laser leveling ) තාක්ෂණය භුමිය සකස් කිරීම සඳහා අද වන විට ලෝකයේ පවතින දියුණු තාක්ෂණික ක්‍රමවේදයයි. වියළී කලාපය යනු ගොවීන් නිරන්තරයෙන් දේශගුණික විපර්යාසයන් හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන පළාතකි.කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය සොයා ගැනීම ඔවුන් මුහුණ දෙන සුලබ ගැටළුවකි. ලේසර් ලෙවලින් (Laser leveling ) වැනි තාක්ෂණය උපයෝගී කරගැනීම මගින් අපි බලාපොරොත්තු වන්නේ ද වී වගාව සඳහා වැය වන ජල ප්‍රමාණය කළමනාකරණය සිදු කිරීමයි. ව්‍යාපෘතිය මඟින් තවත් තාක්ෂණ ක්‍රමයක් ලෙස ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය ( Alternative Wetting and Dying ) හදුන්වා දෙයි.මෙම තාක්ෂණය ක්‍රමයන් මඟින් ඉතා පහසුවෙන් ජල කළමනාකරණය සිදු කර ගත හැකි අතර මෙමඟින් ගොවියාට වාසි රැසක් අත්කර දීම අපගේ අරමුණයි. වැව්ගම් පුබුදුව වැඩසටහන මඟින් අප සෑමවිටම උත්සහ කරන්නේ ගොවියාට හුරු ගොවිතැන දේශගුණික සුහුරු ගොවිතැනක් බවට පත් කිරීමට ය.රටට බත සපයන්නේ ගොවියාය.ගොවියා නොසිටින්න මනුෂ්‍යයන් වූ අපටත් පන කෙන්ද රැක ගත නොහැකි ය.ගොවියා සාර්ථක ගොවිතැනකට යන්නේ මානසික වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වුවහොත් පමණි. අප සෑමවිටම සිදු මෙවලම් හා දැනුම දේශීය වගා භූමිය තුළට රැගෙන ගොස් තෘප්තිමත් ගොවියෙක් සහ තෘප්තිමත් කෘෂිකර්මාන්තයක් ගොඩ නැඟිම රටෙහි ආර්ථිකයේ නව පුනුරුදයක් ආරම්භ වීම ට සඵලදායි හේතුවක් වීම නොඅනුමාන ය.

Related Content